Colombo Today Local News

ජනපති,අගමැති,කතානායක සාකච්ඡාවේ තීන්දු මෙන්න

යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් අතිශය වැදගත් හා තීරණාත්මක සාකච්ඡාවක් අද ජනාධිපති නිළ නිවසේදී පැවැත්විණි. ඒ සඳහා ජනාධිපතිවරයා සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා සහභාගි වූහ.

2015 වසරේදී ජනතාව ලබාදුන් ජනමතය කිසිසේත් වෙනස් වී නොමැති බවත් ඒ අනුව ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකසා ගනිමින්, මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට සඳහා කටයුතු කළයුතු බවට නායකයන් එකඟ වී ඇත.

අගමැතිධූරයේ වෙනසක් මේ මොහොතේ කිසිසේත් අවශ්‍ය නොවන බවට නායකයන් එකඟ වී ඇති අතර ඒ අනුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීම අනිවාර්යෙන් සිදු කළයුතු බවට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද අවධාරණය කර ඇති අතර බොහෝ දුරට බදාදා දිනයේදි සිදුවනු ඇත. එහිදී සියලු ඇමතිධූර වෙනස්වීමට නියමිත වන බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ඉදිරියේදි නැවතත් තිදෙනා එක්ව සාකච්ඡා කිරීමට ද එකඟ වී තිබේ.

Related posts

කසල කළමනාකරණය අධ්‍යනයට ලොක්කො රට සවාරියේ.. රටේ ඉහළම තැනත් කුණු ගදින් පිරේ (Photo)

colombotoday

උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න : දුම්වැටියකින් ඇති වූ බවට වන මතය බැහැර කළ නොහැකි

colombotoday

උතුරු කොරියාවේ ”පළමු කොරෝනා වෛරස් ආසාධිතයා” මරා දමයි !

colombotoday

රට රැකියා දෙනවා කියා මුදල් ගැරූ දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

ජනපති ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ගැන සුමන්තිරන් සිහි කැදවයි…

colombotoday

“කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවෙන් වහාම නෙරපිය යුතුයි“ – හෙද සහායක රත්නප්‍රිය

colombotoday