Colombo Today Local News

සන්ධානය යහපාලන දීගෙ කටුගායි-අලුත් අගමැති පත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

පවතින යහපාලන රජයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා නිදහස් සන්ධානය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

ඒ අනුව නව අගමැතිවරයෙකු පත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බැලීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.

අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවට ජනාධිපතිවරයාට දැනුම්දීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණි.

ඒ අනුව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ යෝජනාව ද මෙහිදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබේ.

අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සඳහා යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවයි.

අගමැතිධූරයේ වෙනසක් මේ මොහොතේ කිසිසේත් අවශ්‍ය නොවන බවට මීට පැය කිහිපයකට ඉහතදී ජනපති,අගමැති, කතානායක අතර සිදුවූ සාකච්චාවේදී එකඟ වී තිබූ අතර ඒ අනුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පල විය.

Related posts

සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Admin

අක්කර 600 ක් විතරක් බෑ. අපිට සේරම ඕනි – විග්නේෂ්වරන්

colombotoday

ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

colombotoday

වද සැත්කම් චූදිත දොස්තර : ඉක්මනින් නිදහස් කරන්නැයි ඇමති හලීම් ජනපතිගෙන් ඉල්ලයි…

colombotoday

දින 44ට ගෑස් අනතුරු සම්බන්ධ සිද්ධි වාර්තා වීම් 727ක්

colombotoday

“අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට සුභපතනවා” පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස පැවැත්වූ කතාව

colombotoday