Colombo Today Local News

ඡන්දෙට පොහොට්ටුව 9 වැනිදා වැඩ අල්ලයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ අපේක්‍ෂාව හැකි ඉක්මණින් ඡන්දයකට යෑම බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසයි.

ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට පෞද්ගලිකව තමාත් පොහොට්ටු පක්‍ෂයත් සූදානම් බව ද ඔහු සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්විය නොහැකි බව ද ඔහු පවසයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගැටලු ගණනාවක් මතුව තිබෙන හෙයින් ඉක්මණින් පැවැත්විය හැකිවන්නේ පළාත් පාලන මැතිවරණය බව ද බැසිල් රාජපක්‍ෂ සඳහන් කරයි.

මේ මස 9 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරාධපුර නගරයේදී පළමු මැතිවරණය ප්‍රචාරක රැස්වීම පවත්වන බව ද පළාත් පහක මැතිවැණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට දැනටමත් සැළසුම් කර ඇතැයි ද රාජපක්‍ෂ කියයි.

පොදුජන පෙරමුණේ කාන්තා සමිති ගම්මටම්න් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ මේ සති අන්තයේ ආරම්භ කරන බව ද බැසිල් රාජපක්‍ෂ කීය.

Related posts

චෝදනා 29යි.. හිරුණිකා ඇතුළු සහයකයන් 8කට මහාධිකරණයේ නඩු

colombotoday

කාන්තාවන්ට පොලු මුගුරුවලින් තඩි බෑ ක්‍රයිම් OICට වැඩ වරදී

colombotoday

ලොව සුපිරිතම ඇමරිකානු හමුදා යානයක් මත්තලට ඇවිත් ගිහින් (Photo)

colombotoday

ගෝඨාභයට බය වුනත්, දැන් සජිත්ට මුහුණ දෙන්නම වෙනවා

colombotoday

සමහර ඇමතිවරුන්ට අමාත්‍යාංශ සින්නකරවම ලියලා දීලා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday

ප්‍රේමදාස දියණියගෙන් මහින්දට ලිපියක් !

colombotoday