Colombo Today Local News

ඇමති සාගල රත්නායක ඉවත් වීම අගමැතිට දන්වයි

නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට තමාගේ බලාපොරොත්තුවක් නැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන් බව සාගල රත්නායක අමාත්‍යවරයා Facebook සටහනක් තබමින් පවසනවා.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට තමා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් ඇමතිවරයාට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමාට අද උදෑසන දැනුම් දුන් බවයි එම සටහන මගින් ඔහු අවධාරණය කර සිටින්නේ.

මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා තමා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන බවත් පක්ෂයට ඇමතිවරයාගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවත් සාගල රත්නායක ඇමතිවරයා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්බවයි සඳහන් කර සිටින්නේ.

Related posts

සිව් හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

Admin

විග්නේෂ්වරන්ගේ පදයට අපි නටන්නෑ.. මේ පෙනෙන්නේ අනතුරක සේයාවක් ! – මහින්ද අමරවීර

colombotoday

හම්බන්තොට වරාය චීනයට දෙන නිසා ඉන්දියාව කන්කසන්තුරේ වරාය ඉල්ලයි !

colombotoday

තවත් ඇමතිවරු 10ක් අද දිවුරයි

colombotoday

යහපාලන ඇමැති පුතාගේ කෝටි 8ක ජීප් රථය ලියාපදිංචියේදී මාට්ටු

colombotoday

බැදුම්කර වාර්තාව ලීක් වෙයි.. පිටපතක් හොර රහසේම අගමැති අතට !!!

colombotoday