Colombo Today Local News

යහපාලන ඇමැති පුතාගේ කෝටි 8ක ජීප් රථය ලියාපදිංචියේදී මාට්ටු

යහපාලන ආණ්ඩුවේ සිටි රාජ්‍ය ඇමැතිවරයකුගේ පුත්‍රයෙකු නීතිවිරෝධීව ආනයනය කළ කෝටි අටක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජීප් රථයක් ලියාපදිංචි කිරීමට යාමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් භාරයට ගෙන රේගු නිලධාරීන්ට ලබා දී තිබේ.

පසුගිය සතියේ දී වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයට අදාළ ජීප් රථය රැගෙන ගොස් ඇත්තේ එය වෙනත් පුද්ගලයකුගේ නමට ලියාපදිංචි කර පවරා දීම සඳහාය. එහි දී රේගුවෙන් වාහනය නිදහස් කර ගැනීමේ දී ලබා දෙන ලියැකියැවිලිවල අත්සන්වල ඇති වූ සැකය මත මෝටර් රථ ලියාපදිංචි නිලධාරීන් ඒ බව රේගුවට දන්වා ඇත.

පසුව රේගු නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේ දී හෙළි වී ඇත්තේ එම අත්සන් හොරට ගසා රේගුවෙන් නීතිවිරෝධී ලෙස ගෙන්වා ඇති බවයි.

2015 න් පසුව එම වාහන ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර ව්‍යාජ අංක තහඩු සකස් කර පාවිච්චි කර ඇති අතර පසුව එය වෛද්‍යවරයකුට පවරාදීම සඳහා වෙහෙරහැරට රැගෙන ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්නගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ මෝටර් රථය සිය නිලධාරීන්ගේ භාරයට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.

චමින්ද සේනාරත්න

நல்லாட்சியின் அமைச்சரின் மகனின் 80 மில்லியன் ஜீப் பதிவின் போது பிடிபட்டது

http://tamil.colombotoday.com/?p=22553

Related posts

කෝටි දෙකක අයිස් මත්ද්‍රව්‍ය සමග කැලණිය වණවාසළදී තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

ත්‍රස්තවාදී සහ අන්තවාදී පාර්ශ්වයන්ට සහය දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරුන්

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin

යුද අධිකරණය පවත්වා හමුදාවට දඩුවම් දෙනු… සංහිදියාව පසුව හදමු

colombotoday

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ගැසට් කෙරේ

colombotoday

භූමදානයට මාර්ගෝපදේශ එනතෙක් සිරුරු මෘත ශරීරාගාර තුළ

colombotoday