Colombo Today Local News

ත්‍රස්තවාදී සහ අන්තවාදී පාර්ශ්වයන්ට සහය දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරුන්

හිටපු නියෝජ්‍ය ඇමතිවරුන් වූ අමීර් අලී සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහත්වරුන්, ත්‍රස්තවාදී සහ අන්තවාදී පාර්ශ්වවලට සහය දක්වා ඇතැයි පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී අනාවරණ වුණි.

ඒ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (30) සිව්වන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී ය.

2016 නොවැම්බර් 20 වැනිදා “ජාතික තවුහිත් ජමාත්” කාර්යාලයේ දී සහරාන් හෂීම් විසින් කළ දේශනයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය නිකුත් කළ බුද්ධි වාර්තාව කෙරෙහි ඊයේ ජනාධිපති කොමිසමේ අවධානය යොමු වුණි.

කොමිසම එහිදී විමසා සිටියේ, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා 2016 නොවැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුවේ දී මුස්ලිම් පවුල් 04ක සාමාජිකයින් තිස් දෙදෙනකු අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ වී ඇති බවට කළ ප්‍රකාශයට එරෙහිව මුස්ලිම් සංවිධාන සහ දේශපාලනඥයන් පළකළ අදහස් බුද්ධි වාර්තාවට ඇතුළත්ද යන්න ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන්, රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂවරයා පැවසුවේ, හිටපු ඇමතිවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, එවක නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමතිවරයා මෙන්ම මුස්ලීම් කවුන්සලයේ එම්.එන්.අමීන් එම ප්‍රකාශයට එරෙහිව සිදුකළ ප්‍රකාශ මෙම වාර්තාවට අන්තර්ගත බවය.

එමෙන්ම 2017 වසරේ මාර්තු මස 10 වැනිදා දින ආලියාර් මංසන්ධියේදි සහරාන් හෂිම්ගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සහ “සුන්නත් වල් ජමාත් සංවිධානය” අතර ඇතිවු ගැටුමෙන් පසු සහරාන්ගේ කණ්ඩායමට හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වූ අමීර් අලී මහතා ද, අනෙක් පාර්ශවයට හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වූ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහාතා ද දේශපාලනිකව සහය දැක්වු බව ජනාධිපති කොමිසම හමුවේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

සහාරාන් හෂිම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳවත්, මෙරටට සිදුව ඇති අයි.එස් බලපෑම පිළිබඳවත් ප්‍රහාරයට පෙර කාලවකවානුවේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් කර තිබියදි ඔවුන් ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න මෙහිදි ජනාධිපති කොමිසම ප්‍රශ්න කර ඇත.

එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ රාජ්‍ය බුද්ධි සේවය ලෙස තමන් සෑම විටම බුද්ධි තොරතුරු ලබා දී ඇති අතර ඒ පිළිබඳ ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ඔවුන්ගෙන් අසා දැනගත යුතු බවය.

කෙසේ වෙතත් ඊයේ දිනයේද කොමිසම විසින් ප්‍රශ්න කළ අවස්ථා කිහිපයකදී නිලන්ත ජයවර්ධන මහතා ජාතික ආරක්ෂක කවුන්සලය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කොමිසම් ශාලාව ජනාධිපති කොමිසම සහ නීතිපති දෙපාර්තමේන්තුව පමණක් රැඳී සිටින අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ කිසිදු අවස්ථාවක කොමිසම සහ නීතිපති දෙපාර්තමේන්තුව පමණක් සිටින අවස්ථාවක සාක්ෂිකරුට සාක්ෂි ලබාදීමට ඉඩ දිය නොහැකි බවය.

මන්ද යත් මෙම සිදුවීමට සම්බන්ධයෙන් තවත් පාර්ශව කිහිපය නීතිඥයින්ට මේ වන විට නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂියට සවන් දී හරස් ප්‍රශ්න විමසීම අවස්ථාව ලබා දී ඇති බැවින් නිලන්ත ජයවර්ධන මහතාගේ සම්පුර්ණ සාක්ෂිය ඔවුන් සිටියදි ලබාගත යුතු බව ජනාධිපති කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේය.

Related posts

මහව රාත්‍රි මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරියෙකුට පිහියෙන් ඇනලා

colombotoday

මුල්ලේරියාවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට වසර 4ක සිර දඬුවමක්

Admin

සිංහල බෞද්ධ බලවේග බේදභින්න කරන ගොබෙල්ස් න්‍යායාචාරීන් ගැන හෙළිදරව්වක් (Video)

colombotoday

බිත්තරයක මිල රුපියල් 5කින් අඩු වෙයි

colombotoday

වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. කුණු කන්ද ඉවත් කිරීමට පොරොන්දු

colombotoday