Colombo Today Local News

පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් හදිස්සියේ ජනපති හමුවෙයි, අලුත් ආණ්ඩුවකට සැරසෙයි?

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී සාකච්චා කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණ ප්‍රථිපලය සම්බන්දයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්චා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ආණ්ඩුවේ අනාගතය සම්බන්දයෙන්ද මෙහිදී සාකච්චා කර ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින්ගේ මුලික ඉල්ලීම බවට පත්ව තිබෙන්නේ රටේ නියම ජනමතය පිළිඹිබු කිරීම සදහා වහාම මහා මැතිවරණයක් කැදවන ලෙසයි.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් නොමැතිව පිහිටුවන ආණ්ඩුවකට තනතුරු නොගෙන සහයෝගය දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවයි.

Related posts

(Video) බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය එකම බලයකින් සන්ධානගත වේ!

colombotoday

මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා ණය ලබාගෙන

colombotoday

බන්ධනාගාරගත කළ ජේලර් කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

“බුද්ධාගමට මුල්තැන දුන්නොත් බලාගෙනයි.. අනාගමික ව්‍යවස්ථාවක් හදනු“ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගොරවයි

colombotoday

මහින්ද ජයසිංහ ජනතා විමුක්ති පෙරමුණේ. – සංගම් හදලා බලය ලබා ගන්න පාර කපා ගන්නවා | පූජ්‍ය උලපනේ සුමංගල හිමි

colombotoday