Colombo Today Local News

යුද හමුදාව මුලතිව්හී තවත් මානුෂීය මෙහෙයුමක

මුලතිව් – කෝපාපිලව් ප්‍රදේශයෙන් යුද හමුදාව ඉවත් වී එම ඉඩම් සිවිල් වැසියන්ට ලබා දීමෙන් පසුව, නැවති පදිංචියට පැමිණි එම වැසියන්ගේ ළිං ශුද්ද පවිත්‍ර කොට විෂබීජ නාශක යෙදීමේ කටයුතු මේ දිනවල යුද හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු වේ.

මුලතිව ආරක්ෂක සේනාංකා ආඥාපති මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව්. ඩබ්ලිව්. ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ මගපෙන්වීම යටතේ මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ.

එම භූමිය පුරා ඇති ළිං 24 න් ළිං 12 ක් මුල් අදියරය යටතේ ප්‍රතිසංස්කරණය කොට පිරිසිදු කිරීම සිදුකොට ඇති අතර යුද හමුදාව මෙම ගම්මනවල සිටි කාලයේදී එම ළිං භාවිත කොට නොමැත. ඉඩම් අක්කර 132ක් නිදහස් කොට සිවිල් ජනතාව වෙත බාර දුන්නේ ඉකුත් දෙසැම්බර් 28 වනදාය.

කෝපාපිලව්හි සිවිල් ජනජිවිතය නැවත ආරම්භ කිරීම සදහා යුද හමුදාව විශාල සහයක් ලබා දුන් නමුත් රජයේ නිලධාරීන් මෙම ගම්මානවල පොදු කටයුතු ඉටුකොට දිමට තවමත් උනන්දුවක් නොමැති බව එම වැසියන් චෝදනා කරති.

Related posts

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

colombotoday

හෙරොයින් කිලෝ 2ක් සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට ජනපති එක්වෙයි

Admin

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

colombotoday

පොලීසිය සාගලට, බන්ධනාගාරය ස්වාමිනාදන්ට

colombotoday

තව්හිද් රාසික්ගේ නීතීඥයා මෛත්‍රී ගුණරත්න, භික්ෂූන් වහන්සේට කී කතාව බුකියේ පත්තු වෙයි

colombotoday