Colombo Today Local News

අන්තවාදීන්ට උඩගෙඩි දි ආගමික ගැටුම් අවුලවා රටේ ප්‍රශ්න අමතක කරවීමටද යහපාලනය මේ සැරසෙන්නේ? – ජානිපෙ

ජනිපෙමුස්ලිම් ජනතාවගේ විරෝධය පවා නොතකා අන්තවාදී ඉස්ලාමීය දේශකයකු මෙරටට ගෙන්වීමට අනුග්‍රහය ලබා දී ආගමික ගැටුම් ඇති කිරීමට ආණ්ඩුව මග පාදමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. ආගමික අන්තවාදයට උඩගෙඩි දිම යහපාලන පුරුෂාර්ථයක්දැයි විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. එහි ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ශ‍්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් බහුතරයකගේ විරෝධය පවා නොතකා තව්හීද් ජමාත් සංවිධානයේ ප‍්‍රධානියකු ලෙස කටයුතු කරන ජයිනුල් ආබ්දීන් නැමැත්තා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමැතිය හා රාජ්‍ය අනුග‍්‍රහය සහිතව මෙරටට ගෙන්වීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ බලවත් විරෝධය පළකර සිටිමු.

අද(08) කොළඹ සුගතදාස ග‍්‍රහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන සමුළුවක ආරාධිත දේශනය පැවැත්වීම සඳහා මෙම තැනැත්තා ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව මාධ්‍ය මගින් අනාවරණය කොට තිබිණි. ජයිනුල් ආබ්දීන්ගේ දේශන ආගමික සහජීවනයට බාධා ඇතිකරවන හෙයින් ඔහුගේ පැමිණීමට මෙරට ඉස්ලාමීය ප‍්‍රජාවගේ විරෝධය ද එල්ල වී තිබේ.

පසුගිය ආණ්ඩුව සමයේදී ද මොහු දේශන පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට ඇතැම් ආගමික අන්තවාදීන් උත්සාහ කළත් ආගමික සහජීවනයට බාධා ඇති වන හෙයින් එම ආණ්ඩුව ඊට ඉඩදී තිබුණේ නැත. නමුත් වත්මන් ආණ්ඩුව මෙසේ ආගමික සහජීවනයට ගරු කරන ඉස්ලාමීය බැතිමතුන්ගේ විරෝධය පවා නොතකා මෙවැන්නකුට ශ‍්‍රී ලංකාවට පැමිණීමට අනුග‍්‍රහය දක්වන්නේ ඇයි?

අප විශ්වාස කරන්නේ වත්මන් ආණ්ඩුව ආගමික ගැටුම් අවුලූවා ආර්ථිකය බිඳවැටීම, දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අදාළ නව නීති ගෙන ඒම, ප‍්‍රබල කොටි සැකකරුවන්ට නිදහස ලබාදීම ආදී රටත් ජනතාවත් හමුවේ වන සැබෑ ප‍්‍රශ්න අමතක කරවීමට සැරසෙන බවය. ආණ්ඩුවේ මේ පිළිකුල් සහගත ක‍්‍රියාව ආගමික සහජීවනය අගය කරන බෞද්ධ, හින්දු හා ඉස්ලාම් බැතිමතුන් දැනටමත් තේරුම් ගෙන තිබීම අගය කළ යුත්තකි. මෙම අවස්ථාවේ බුද්ධිමත්ව කටයුතු කරන ලෙස අපි රටට හිතැති සියලූ ජන කොටස් වෙතින් ඉල්ලා සිටීමට ද කැමැත්තෙමු.

එසේම මේ ආකාරයට ආගමික අන්තවාදයට උඩගෙඩි දීම යහපාලන මූලධර්ම සහ පුරුෂාර්ථයන් තුළ වේදැයි අපි වත්මන් ආණ්ඩුවෙන් දැඩිව ප‍්‍රශ්න කර සිටින්නෙමු.

මොහොමඞ් මුසම්මිල්
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී,
ප‍්‍රචාරක ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

හෙට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ගැන අමෙරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවිඩයක්

colombotoday

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

colombotoday

යහපාලනය සමග දුරාචාරයේ ගිය ඇතැම් විනිසුරන්ගේ, පොලිස් ලොක්කන්ගේ ඇදිවත රන්ජන් උනා දැමුවා…. දුමින්ද සිල්වාගේ නඩු තීන්දුවත් දේශපාලන බලපෑමට ලබාදුන් බව තහවුරුයි !

colombotoday

ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගිකයා ඇන්දවීමක! | ගෑස් මිල රුපියල් 406.50 කින් වැඩි කරලා. වෙළද ඇමති නිදි!

colombotoday

කොවිඩ් මරණ භුමිදානයට අවසර දෙනවා | මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස්

colombotoday