Colombo Today Local News

“අමු ආගම්වාදියෙක්.. නිවටයෙක්..” – මරික්කාර් ගැන කොලොන්නාවේ එජාපයේ අය කියන කතා (Video)

කොලොන්නාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා එජාපය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුවක නිරත වී සිටින බව හිටපු එක්සත් ජාතික පක්ස පළාත් සභා මන්ත්‍රී, කොටිකාවත්ත මුල්ලේරියාව හිටපු ප්‍රාදේශීය සභා සභාපති සුනිල් ලෙස්ලි මහතා පවසයි.

මරික්කාර් මන්ත්‍රීවරයා දැඩි ආගම්වාදියෙකු බවත්, අම්මා තාත්තා කවුදැයි කියාවත් දන්නැති පුද්ගලයෙකු බවත් ජන හමුවක් අමතමින් පැවසූ සුනිල් ලෙස්ලි මහතා, ඔහුව එක්සත් ජාතික පක්ෂයේ තබාගත්තේ එක්තරා මාධ්‍ය ආයතනයකින් පක්ෂයට වන උවදුර වළක්වා ගැනීමට බවද කියා සිටියේය.

මහරාජා ආයතනයේ සමූහ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මරික්කාර් මන්ත්‍රීවරයා එම ධුරයෙන් නෙරපා හැරීමට එහි ප්‍රධානී කිලී රාජා මහෙන්ද්‍රන් පසුගිය දා කටයුතු කළේය.

“මගේ හිතෙත් මරික්කාර්“ යන තේමා පාඨය යටතේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සිය ඡන්ද ව්‍යාපාරය දියත්කල මරික්කාර් මහතාට සැලකිය යුතු සිංහල ඡන්ද ප්‍රමාණයක්ද දිනා ගැනීමට සමත් විය. එනමුත් ඉකුත් වසරේ ඇතිවූ ගංවතුර උවදුරේදී ඔහුගේ ජාතිවාදි ස්වරූය මැනවින් දැක ගැනීමට හැකිවුණු අතර, කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව චෝදනා කර සිටියේ ගංවතුර ආපදා තත්ත්වයේදී ඔහු මුස්ලිම් ජනතාවට පමණක් ප්‍රමුඛත්වය දී සහන සැලසූ බවයි.

මියන්මාර රොහින්ගියා සිද්ධියේදී මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් කොළඹ මියන්මාර් තානාපති කාර්යාලය වටලා, ටයර් ගිනිතබා එහි නිලධාරීන්ට තර්ජණය කර මහත් කළබැගෑනියක් ඇතිකළ අතර එයට නායකත්වය දුන්නේද මරික්කාර් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකි.

[fbvideo link=”https://www.facebook.com/supirigossip1/videos/1559416687427265/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඉෂාලිනිගේ දේහය ගොඩ ගනී

colombotoday

මහ සෑරදුන් පාමුළ, දුටු ගැමුණු මහ රජුන්ගේ පිළිරුව ඉදිරියේ ජනපති ගෝඨාභය දිවුරුම් දෙයි !

colombotoday

සංකූලතා නැති 60 පන්නපු අයටත් සිනොෆාම් එන්නත

colombotoday

“පොරොන්දු අකුරටම ඉටු කරනු“ ජිනීවා යෝජනාව ගැන ඩයස්පොරාව, TNA ප්‍රීතියෙන් පිනා යයි !

colombotoday

සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. මංගලට කුණු බැනුම්

colombotoday

මීගවුව උසාවිය අසල වෙඩි සෙල්ලම් දැමූ දෙදනා මාට්ටු

colombotoday