Colombo Today Local News

මීගවුව උසාවිය අසල වෙඩි සෙල්ලම් දැමූ දෙදනා මාට්ටු

මීගමුව අධිකරණ සංකීර්ණයේ ආසන්නයේ දී පසුගියදා වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් දෙදෙනකු පිස්තෝලයක් සහ බෝම්බයක් සමඟ මීගමුව ලෙල්ලම ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ(5) පස්වරුවේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලද තොරතුරකට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ, සහ ගලෙන්බිඳුනුවැව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 39 සහ 38 යන පුද්ගලයන් බවද පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එක් සැකකරුවකු මීගමුව අධිකරණ සංකීර්ණය ආසන්නයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු බවට හෙළි වී ඇත.

Related posts

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ගිය ජනපති යළි දිවයිනට

colombotoday

බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා… හේතුව මෙන්න!

colombotoday

සුසාන භූමිය සුද්ද කරන්න ගිය 14කට බඹර ප්‍රහාරයක්

Admin

යුක්‍රේන සංචාරකයින් පිරිසක් සීගිරියට ගිහින්.

colombotoday

අලුත් අගමැති කෙනෙක් පත් කර ගන්න මහින්දට ඉවත් වන්නැයි විමල්-ගම්මන්පිල ඉල්ලයි

colombotoday

මැති සබයට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

colombotoday