Colombo Today Local News

මිලියන 42කට අධික කේරළ ගංජා කිලෝ 141ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රුපියල් මිලියන 42කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (10) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් කේරළ ගංජා කිලෝ 141ක පමණ ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාකිරීමේදී, එම යාත්‍රාව තුළ මළු 04ක පාර්සල් 52ක් වශයෙන් අසුරා තිබිය දී එම කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 හා 31 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

Related posts

මත්තල ගන්න අපි සූදානම්.. ඉන්දීය ගුවන් සමාගමක් රජයට දන්වයි !

colombotoday

මේ බෞද්ධ රටේ ප්‍රාදේශීය සභාවකටවත් නාගානන්ද කොඩිතුවක්කු සුදුසු නැත.

colombotoday

රාජිතගෙන් ශිරාල් ලක්තිලකට දරුණු ප්‍රහාරයක්

colombotoday

සිසුන්ට මත් ගුලි අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

colombotoday

රොජර්, විමල් හැර යයි…

colombotoday

ශ‍්‍රී ලංකිකයන් 06ක් ඉතාලියේ බලය ඉල්ලයි

colombotoday