Colombo Today Local News

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ලංකා පෙට්‍රල් ලීටරයක් රුපියල් 84 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 338 කි.

ලංකා IOC සමාගම ද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූ අතර ඔක්ටේන් 92 වර්ගයේ IOC පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338 ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ ලංකා පෙට්‍රල් ලීටරයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 373 ක් වනු ඇති.

ඔක්ටේන් 95 වර්ගයේ IOC පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 367 කි.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 113 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 289 ක් වේ.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි IOC ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289 කි.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව පැවසුවේ, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 329 ක් වන බවයි.

පසුගිය මස 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ද ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව පියවර ගත්තේ ය.

ලංකා IOC සමාගම ද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූ අතර IOC සමාගම මාස 5 ක් තුළ අවස්ථා හයකින් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

Related posts

කට්ටි පැනපු ප්‍රසන්න අධිකරණයට භාර වෙයි!

Admin

අක්‍රීය බැංකු ගිණුම්වල ඇති මුදල් රජයට පවරාගනී… ජනවාරි 1දා සිට ක්‍රියාත්මකයි

colombotoday

විදෙස්ගතව සිට පැමිණි මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගනී

Admin

“එක රණවිරුවෙක්වත් අපි හිරේ දාල නෑ.. මේක රණවිරුවන්ට ගෞරවය දෙන ආණ්ඩුවක්“ – මරික්කාර්

colombotoday

“විජයකලා මැඩම් මාව ආරක්ෂා කළා” – විද්‍යා ඝාතන සැකකරු අධිකරණයේදී සාක්ෂි දෙයි

colombotoday

කැලණිය විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙනතුරු වසාදමයි

Admin