Colombo Today Local News

බැසිල්ට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

මහ බැංකු බැඳුම්කර සිද්ධියකට අදාළව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනමක් නිකුත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල මහතා අද (18)දින ප්‍රතික්ෂේප කළේය.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතාද මෙම බැඳුම්කර සිද්ධියට අදාළව සාක්ෂි කරුවන් වශයෙන් නම් කර ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මෙම ඉල්ලීම කළේය.

මෙම මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව රුපියල් බිලියන 500 ක මුදලක් ගෙවන ලද පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වන නියෝගය සම්බන්ධයෙන් සලකා බැලීම ලබන මැයි මස 02 වැනිදා තෙක් කල් තැබීමට ද අධිකරණ තීරණය කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසිනි.

Related posts

600ක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරයි

colombotoday

අයවැයට එරෙහිව රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

වෙඩිතැබීමක් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ඇප

Admin

ඉස්ලාම් අන්තවාදීන් පලා යෑම වැළැක්වීමට ඉන්දියාවෙන් විශේෂ මෙහෙයුමක්…

colombotoday

“මහින්ද රාජපක්ෂගේ දේපොළ රාජසන්තක කළ යුතුයි.. හිරේ දාන්නත් ඕන“ – සරත් විජේසූරිය

colombotoday

කැෆේ කීර්තිටත් ආණ්ඩුකාරකමක්… ජනපති අද පත්කළ ආණ්ඩුකාරවරු මෙන්න…

colombotoday