Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ලංකා බැංකුව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, ආනයන අපනයන පාලන අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා සූඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවය.

Related posts

තේ කර්මාන්තයට අසාධ්‍යයි.. කම්හල් රැසක් වසා දැමේ !

colombotoday

සේවක වැටුප් පිලිබද තීරණයක්

Admin

පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාශයකට එක් මන්ත්‍රීවරයෙක්

colombotoday

ජනපතිගෙන් නව වෙළඳපොළ සංකල්පයක්

colombotoday

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Admin