Colombo Today Local News

අදත් ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම අදින් අවසන් වන අතර අද (15) දහවල් 12.10ට කොවිලන් තුඩුව,මල්ලකම් සහ මලන්කාඩු යන ප්‍රදේශයන්ට හිරු මුදුන් වනු ඇත.

Related posts

ගෑස් මිලේ අඩුවක් නෑ

Admin

ජනපතිගේ ‘ගව ඝාතන තහනමට’ රවීගෙන් බාල්දියක් !

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට එරෙහිව දකුණෙන් යෝජනාවක්

colombotoday

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවියට වැඩපිළිවෙලක්

Admin

“ඇමති හැරිසන් මහා සහල් ජාවාරමක“ ජනපති සොයුරු ඩඩ්ලි මාධ්‍ය හමුවේ හෙළිකරයි (Video)

colombotoday

ඇමරිකානු යුධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි…

colombotoday