Colombo Today Local News

ට්‍රම්ප්ට එරෙහි යෝජනාවට ලංකාවත් අත උස්සයි.. මූල්‍යාධාර කපා දමන බවට ඇමරිකාව අනතුරු අගවයි

ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කරන ප්‍රකාශයට ඉවත් කරගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 128ක් හිමිවිය.

ශ්‍රී ලංකාව ද අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් 9ක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මේ අතර යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන රටවල් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවටත් මූල්‍යාධාර ලබා නොදෙන බවටත් ඇමෙරිකා එක්සත් ජනපදය එම රටවලට අනතුරු අඟවා ඇතැයි රොයිටර් ඇතුළු පුවත් සේවා වාර්තා කර තිබිණි.

ආරක්ෂක කවුන්සිලයේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව අරාබි සහ මුස්ලිම් රටවලින් කෙරුණු ඉල්ලීමක් අනුව එක්සත් ජාතීන්ගේ හදිසි හා විශේෂ මහ මණ්ඩල සැසියක් කැඳවූ අතර එහිදි ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නැයි ඉල්ලමින් යෝජනාවක් ඉදිරිපත් විය. අදාළ යෝජනාව සම්මත කරගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

Related posts

රහස් ප්‍රදේශයක රන් බිස්කට් සඟවා ගෙන ආ උස්මාන් කටුනායක දී කොටු

colombotoday

නිල්වලා ලවන බාධකයේ කොටසක් ඉවත් කිරීම අරඹෙයි..

Admin

කොටි මරා මස් සහ ශරීර කොටස් අලෙවි කිරීමේ ජාවාරමක්

colombotoday

සමාජ මාධ්‍යයෙන් සරත් වීරසේකරට ගැසූ මඩක් පත්තුවෙයි

colombotoday

මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

එංගලන්ත මැතිවරණ ප්‍රතිභලයෙන් ජාතිකවාදී සංකල්පයේ අඛණ්ඩත්වය පේනවා – හරින්ගෙන් ප්‍රකාශයක්

colombotoday