Colombo Today Local News

යුද අපරාධකාරයෙකුගේ දියණියකයැයි දෙමළ ඩයස්පෝරාවෙන් යොහානිට ප්‍රහාර

ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකේය සන්නාමයක් බවට පත්වෙමින් ලෝකයේම ආදරය දිනා ගනිමින් වේගවත් ගමනක් යන යොවුන් ගායිකා යොහානි ද සිල්වා යුද අපරාධකාරයෙකුගේ දියණියක් බව පවසමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ප්‍රචාරක වැඩ පිළිවෙලක් දියත් කර ඇත.

ට්විටර් සහ ෆේස්බුක් ප්‍රකාශ මගින් මොවුන් ප්‍රචාරය කරන්නේ යුද අපරාධකරුවෙකුගේ දියණියක් වන යොහානිට ශ්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊලාම් දෙමළ ජනතාව සහාය පල නොකළ යුතු බවයි.

මේ වන විටත් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ කේරළයේ මැණිකේ මගේ හිතේ ගීතය ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අතර කෝටි ගණනක් වූ ඉන්දියානුවන් යොහානිට වසඟ වී ඇති බැවින් කොටි ඩයස්පෝරාව මෙබදු ප්‍රකාශයන් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

යොහානිගේ පියා වන ජෙනරාල් ප්‍රසන්න සිල්වා යුද අපරාධකරුවෙක් බව කියමින් ඇයට එරෙහිව විරෝධයක් ගොඩ නැගීම සඳහා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව කටයුතු කරමින් සිටී.

Related posts

ශ්‍රී ලංකන්, පළමු ගුවන් යානය පාකිස්ථානයට දෙයි !

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා IMF ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට පියවර

colombotoday

20 ගේනවානම් මහා සංඝරත්නයේ අනුමැතිය රැගෙන ගේන්න.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්

colombotoday

සා/පෙළ විභාගය අදින් අවසන්..

Admin

පොහොට්ටුවට ඡන්ද ගන්න වෙන්නේ සියදිවි නසා ගන්නවා කියලයි – ඇමති ලක්ෂ්මන් යාපා

colombotoday

යහපාලන අලුත් රටේ සිංහලයන්ට නැගෙනහිර තහනම්.. රට බෙදන ව්‍යවස්ථා අවමගුල පරදවමු !

colombotoday