Colombo Today Local News

වසර 40 කට පෙර පෞද්ගලීකරණය කළ පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්.

වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක් ලබාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භකර තිබේ.

ඒ අනුව බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් 3,330 දෙදෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබාදීමට තීරණයකර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටිනතාක් මාසික දීමනාවක් හිමිවේ.

මෙම දීමනාව ලබාදීම සංඛේතවත් කරමින් ඊයේ (12)දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එහි සේවකයන් කිහිපදෙනකු වෙත චෙක්පත් ප්‍රධානය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

Related posts

සාදින්නාවල නිවසක් නායයයි

Admin

“ජනපති මෛත්‍රී මාස පහකින් මිය යන්නේ නෑ.. විජිත රෝහණ රේඩියෝ කැසට් කාරයෙක්” – ඉන්දික තොටවත්ත

colombotoday

රැකියාවක් ලැබුණු සතුට මරණ දෙකකින් කෙළවර වෙයි

colombotoday

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි.. ලක්ෂ 25ක් ගෙවන්න අධිකරණයෙන් තින්දුයි

colombotoday