Colombo Today Local News

රැකියාවක් ලැබුණු සතුට මරණ දෙකකින් කෙළවර වෙයි

කැලණි ඟගේ දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

ඊයේ (01)දින සවස කැලණි ඟගේ නවගමුව මාපිටිගම පාළම අසල එම තරුණයින් දිය නාමින් සිටියදී එම අනතුරට මුහුණ දී තිබේ.

නාවික හමුදා කිමිදුම්කරුවන් අද (02)දින උදෑසන මියගිය දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබුණි.

මියගොස් ඇති එක් තරුණයෙකු ඊයේ (01)දින රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වී ඇති අතර එයින් සමත්වීමේ ප්‍රීතිය හේතුවෙන් මිතුරන් සමග කැලණි ඟගේ මාපිටිගම පාළම අසල මත්පැන් සාදයක් පවත්වා තිබේ.

ඉන් අනතුරුව පිරිස දිය නෑමට ගොස් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත.

මිතුරන් දෙදෙනෙකු දියේ ගිලෙමින් සිටි අවස්ථාවේ අනෙක් මිතුරන් දෙදෙනාට ගං ඉවුරේ නින්ද ගොස් තිබූ බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රනාල නවගමුව සුදවිල පාර ප්‍රදේශයේ පදිංචි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සුපරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ උදිත සංජිය මුණසිංහ නැමති 27 හැවිරිදි තරුණයෙකු සහ ගලේවෙල දකුණු වාසලකෝට්ටේ මැදබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි සඳරංග චිරාන් නැමැති 19 හැවිරිදි තරුණයෙකි.

Related posts

රජයේ ගුවන්විදුලිය දවස පුරා ඉස්ලාම් අන්තවාදී ප්‍රචාරයේ.. විකාශය අත්හිටුවන්න නියෝග !

colombotoday

තමිල්නාඩු මැතිවරණය අත ළගයි.. ඊළම නැවතත් කරළියේ.. ඡන්ද ගරන්න ඊළම ඇමට ගනී !

colombotoday

රජයේ වියදමින් හදන්න ගිය කොටි සොහොන උද්භීද උද්‍යානයක් ලෙස නම් කරයි

colombotoday

අවුරුදු සමයේ විශේෂ දුම්රිය සටහනක්

Admin

පෞද්ගලික පාසලුත් හෙට සිට වසා දැමේ !

colombotoday

චැනල් 4 වීඩියෝව ඇත්තක් බව පරණගම වාර්තාවෙන් පිළිගෙන නෑ.. ඒක පට්ටපල් බොරුවක් – ගම්මන්පිල

colombotoday