Colombo Today Local Newsextremism & terrorism activities

ලොව බලපෑමක් කල හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනාගේ ලැයිස්තුවට ලංකාවේ උලමා ලොක්කාත් . බොදු බලෙන් හෙළිදරව්වක්

ලොව බලපෑමක් කල හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනාගේ ලැයිස්තුවට සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති ඇතුලත් වී තිබෙන බව බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (2) පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කර සිටියා.

සෑම වසරකම මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කරනු ලබන අතර 2021 වසර සඳහා ප්‍රකාශයට පත්කළ ලැයිස්තුවට ද ඔහු ඇතුලත් වී ඇත.

හලාල් සහතිකකරණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම හේතුවෙන් 2010 වසරේදී මොහු පළමු වරට මෙම ලැස්තුවට ඇතුලත් වූ අතර මෙම වසරේ නිකුත් කල ලැයිස්තුවට ද ඔහු ඇතුලත් වන්නේ 11 වන වතාවටයි.

රාජකීය ඉස්ලාමීය උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය (The Royal Islamic Strategic Studies Centre – MABDA المركز الملكي للبحوث والدراسات الإسلامية) යනු ඉස්ලාමීය චින්තනය සඳහා වන රාජකීය අල් අල්-බයිට් ආයතනයට ( Royal Aal al-Bayt Institute for Islamic Thought) අනුබද්ධ ස්වාධීන පර්යේෂණ ආයතනයකි.

ඉස්ලාමීය චින්තනය සඳහා වන රාජකීය අල් අල්-බයිට් ආයතනය යනු ජෝර්දානයේ හෂෙමයිට් රාජධානියේ අගනුවර වන අම්මාන් හි මූලස්ථානය පිහිටි ජාත්‍යන්තර ඉස්ලාමීය රාජ්‍ය නොවන ආයතනයක් වන අතර ඔවුන් විසින් සෑම වසරකම ලෝකයේ බලපෑමක් කල හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවක් විවිධ අංශ ඔස්සේ නිකුත් කරනු ලබයි..

ආගමික කටයුතු පරිපාලනය (administration of religious affairs) අංශය යටතේ රිස්වි මුෆ්ති මෙම ලැයිතුවට තේරී පත්වී ඇති අතර ඊට සලකා බලා ඇති කරුණු ලෙස,

  1. සමස්ත ලංකා ජමියාතුල් උලමා (ACJU) හි සභාපතිවරයා ලෙස විද්වතුන් 7,500 ක් ජේෂ්ඨ විද්වතුන් 33 දෙනෙකුගෙන් යුත් විධායක කමිටුවක් මගින් දිවයිනේ දිස්ත්‍රික්ක 24 පුරාවට සංවිධානයේ ශාඛා 155 ක් පවත්වාගෙන යෑම.
  1. රිස්වි මුෆ්ති ඉස්ලාමීය නීති විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස ඉස්ලාමීය රක්ෂණය, පොලී රහිත බැංකුකරණය(ෂරියා බැංකුකරණය) සහ හලාල් සහතිකය ශ්‍රී ලංකාවට ගෙන ඒමට ඉවහල් වීම.
  2. මක්තබ් මූලික ඉස්ලාමීය අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවට ගෙන ඒම.

ඇතුළු කරුණු දක්වා ඇති බව ඥානසාර හිමියෝ ප්‍රකාශ කලහ.

2012 සහ 2013 වසරේදී, ලොව බලපෑමක් කල හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනාගේ ලැයිස්තුවට දේශපාලන අංශයෙන් රිෂාඩ් බදුර්දීන් ද මෙම ලැයිස්තුවට ඇතුලත්ව සිටි බව ඒ හිමියෝ වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

ජනාධිපති වෙන්න මට බැරිවෙයි – සජිත් කියයි

colombotoday

VIdeo: අද ජවිපෙ වික්‍රමසිංහගේ බලල් අතක් වෙලා – මෛත්‍රි ගුණරත්න

colombotoday

හමුදාව දංගෙඩියට යවන්න හැදූ NGO කප්පිත්තෙක් රජයේ වියදමින් ජිනීවා සමුළුවේ !

colombotoday

අද ජාතික ඉන්ධන අවසරපත්‍රයට තෙල් දෙන්න නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක තැන්

colombotoday

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ. කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක්

colombotoday