Colombo Today Local News

ආණ්ඩුවේ “සංහිදියාවේ” තරම ගිංතොට සිද්ධියෙන් හෙළිවුණා.. බොදු බල සේනාවෙන් විශේෂ නිවේදනයක් !

ඊයේ ගිංතොට ප්‍රදේශයේදී සිංහල – මුස්ලිම් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ  දේශපාලකයින්ගේ අනව්‍ය අත පෙවීම මෙම ගැටුම දුරදුගි යෑමට හේතුවක් වූ බවයි එමගින් පෙන්වා දෙන්නේ.  එම නිවේදනය පහත දැක්වේ.

බොදු බල සේනා විශේෂ නිවේදනය

ඊයේ ගාල්ලේ ගින්තොට ප්‍රදේශයේ සිදුවූ ජාතිවාදී ගැටුම් සම්බන්දයෙන් බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි නමින් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර උන්වහන්සේගේ නමින් ව්‍යාජ පණිවුඩයක් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් තිබෙන බව වාර්තා වී ඇත.

පවතින තත්වය සොයාබලා , විශේෂයෙන් තුවාලකරුවන් හා දේපල හානි පිලිබඳව සොයා බලා ප්‍රදේශයේ සාමය ඇතිකිරීම සොයා බැලීමට බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි මේ වන විට ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටී.

ගැටුම් නිරාකරණයේ දී බොහෝ දේශපාලන නායකයින්ගේ අදූරදර්ශි පියවර හා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට අනවශ්‍ය බලපෑම් කිරීම මෙවැනි තත්ව වර්ධනය විමට බලපාන බව අපට වාර්තා වී ඇත.. සංහිඳියාව ඇති කිරීමට රජයේ අපොහොසත් වීම හා ඵලදායී නොවන ප්‍රවේශයන් ද මෙහිදී අපගේ අවදානයට යොමු විය යුතුය.

ගින්තොට ප්‍රදේශයේ යතුරුපැදි අනතුරක් සිදූ වූ විට එය පැද වූ සිංහල ජාතිකයාට ප්‍රදේශයේ බහුතරයක් වූ මුස්ලිම් පිරිස සමග සිටින අන්තවාදී පිරිසක් විසින් පහර දීම නිසා ඇති වූ ගැටලුව විසදීම සිදු නොකොට එය ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය වූ පසු මාධ්‍ය ඉදිරියේ වීරයන් වීමට යම් සිංහල දේශපාලකයින් හා එම ප්‍රදේශයට අදාල නොමැති අන්තවාදී මුස්ලිම් දේශපාලකයින් විසින් ගනු ලබන උත්සහයන අප පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.

පසුගියදා ගම්පොල කඨින පිංකමක පෙරහැරකට මුස්ලිම් අන්තවාදී පිරිසක් පල්ලිය ඉදිරියේදී ගල් ගැසීම නිසා සිදු වීමට ගිය අනතුර වලක්වා ගැනිමට හැකි වුවද දිගින් දිගට මෙසේ කටයුතු කිරීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බව අපගේ මතයයි.

මුස්ලිම් අන්තවාදය හා ත්‍රස්තවාදය අප රටට පමණක් නොව මුලු ලෝකයටම හිරිහැරයක් වී තිබෙන මොහොතක මේ රට තුල ඉතා සුලුවශයෙන් ක්‍රියාත්මක වෙන අන්තවාදය පාලනය කිරීමට රජය, දේශපාලකයින් , විශේෂයෙන් මුස්ලිම් ආගමික නායකයින් කටයුතු නොකලහොත් රට ඉතා භයානක තත්වයකට ඇද වැටිම වැලැක්ව්ය නොහැකි බව අප පැහැදිලිව ප්‍රකාශ කරමු.

ඉදිරි වසර 10 තුල රට දියුණු කිරීම ඉලක්ක කොට බෞද්ධ , හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාමික ආගමික කණ්ඩායම් සමග මෙන්ම සිංහල හා දෙමල ජනවාර්ගික කණ්ඩායම් සමග මේ වන විට බොදු බල සේනා ආරම්භ කල විද්වත් සංවාද මාලාව මේ සියලු තත්ව තුල ඉදිරියට ගෙන යන බවත් තවදුරටත් ප්‍රකාශ කරන අතර සියලු දෙනාට කල්පනාකාරීව වගකීමකින් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු..

Related posts

නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ තිබූ රුවල් නැවට ගිනි තියලා

Admin

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ලංකාවට චෝදනා

colombotoday

බොරු චෝදනා කර හිර කරාට එක්නැලිගොඩ නඩුවේ බුද්ධි නිලධාරීන් 4ක් කෝටි දහයක් ඉල්ලා නඩු දමයි

colombotoday

කොවිඩ් මරණ සාමාන්‍ය මිනී පෙට්ටියක් රු.18,000යි. මල්ශාලාව නිෂ්පාධකයාගෙන් ගන්නේ දෙදාහට. – රජයට මැදිහත්විය නොහැකි බව ඇමති කියයි

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

colombotoday