Colombo Today Local News

බැදුම්කර බෑණා සමග ගනුදෙනු කළ කෝප් කමිටු සාමාජිකයන් හෙළිවෙයි !

මහබැංකු බැදුම්කර නිකුතුවේදී සිදුවූ මගඩිය සම්බන්ධයෙන් පැවති කෝප් පරීක්ෂණයේදී කෝප් කමිටු සාමාජිකයන් පස් දෙනෙකුට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් දුරකථන ඇමතුම් ලබා දී ඇති බව හෙළිව තිබෙනවා.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථන විශ්ලේෂණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබද වාර්තාව ඊයේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළා.

එම දුරකථන විශ්ලේෂණ අනුව 2015 පෙබරවාරි මස 25 වනදින පැවති ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව අවසන් වී ටික වේලාවකින් පසු එවක මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුම් දෙකක් ලබාදී තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

කෝප් පරීක්ෂණය පැවැත්වෙන අතරතුර අර්ජුන් ඇලෝසියස් විසින් එම කමිටු සාමාජිකයන් වූ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ වෙත දුරකථන ඇමතුම් 63ක්, එජාප මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි වෙත ඇමතුම් 23ක්, හර්ෂණ රාජකරුණා වෙත ඇමතුම් 23ක්, ඇමති අජිත් පෙරේරා තෙ ඇමතුම් 2ක්, සහ ඇමති දයාසිරි ජයසේකර වෙත ඇමතුම් 2ක් වශයෙන් ලබාගෙන තිබෙන අතර, ඊට අමතරව වයිබර් හා වට්ස්ඇප් ඔස්සේ ද ඇමතුම් ලබාගෙන තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

Related posts

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම : ඇමති පුතා ඇතුළු 6දෙනා රිමාන්ඩ්

colombotoday

ජපනා රුපියල් කෝටි 350ක් ඉවත් කර ගනියි ! සෙලාන් බැංකුව අනතුරේ !

colombotoday

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

Admin

(Video) සිරස රනිල්, මහෙන්ද්‍රන් දෙමිතුරන්ගේ සළුපිළි ලිහා පෙන්වයි

colombotoday

හර්තාල් කරන ලෙස දන්වමින් කාන්තන්කුඩි නගර සභාවෙන් ජනතාවට ලිපියක්

colombotoday

ගලගොඩාත්තේ ඥානසාර හිමියෝ විප්ලව කාරයෙකු නොවේ – කෝට්ටේ මහා නායක හිමි අවධාරණය කරති

colombotoday