Colombo Today Local News

ඇත්තටම කාර් මිල අඩුවුණාද? 2018 අයවැයෙන් කාර් මිල වෙනස්වන හැටි මෙන්න !

2018 අයවැය මගින් පුංචි කාර්වල මිල අඩුවනු ඇති බවට දැනට මාස කිහිපයක සිට කසුකුසුවක් තිබුණද, මෙවර අයවැයෙන් එන්ජින් ධාරිතාව 1000cc වලට වඩා අඩු මෝටර් රථවල මිල ගණන්වල වෙනසක් සිදු නොවනු ඇති බව කියැවේ.

මෙවර අයවැය යෝජනාවලියේදී මෝටර් වාහන මත අයකළ වටිනාකම පදනම් වූ නිෂ්පාදන බද්ද ඉවත් කර පෙට්‍රල් සහ ඩීසල් වාහන සඳහා එන්ජින් ධාරිතාව මත පමණක් (cc ධාරිතාව) පදනම්ව නිෂ්පාදන බදු අය කෙරෙන බව පෙන්වා දී තිබේ. එය එසේ වුවත්, මේ දක්වා රටට ගෙන්වනු ලැබූ මෝටර් රථවල නිෂ්පාදන බදු අයකිරීම බොහෝ අවස්ථාවල සිදුවූයේ එන්ජින් ධාරිතාව මත පමණක් බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, සලකා බැලීමේදී 1,000cc වලට වඩා අඩු එන්ජින් ධාරිතාවයේ පෙට්‍රල් වාහන සඳහා මීට පෙර සලකා බැලුණේ වටිනාකමින් 150% ක් හෝ ඝන සෙන්ටි මීටරයට රු.1,750/- ක බදු මුදලකි. එමෙන්ම, හයිබ්‍රිඩ් වාහන සඳහා මීට පෙර සලකා බැලුණේ වටිනාකමින් 70% ක් හෝ ඝන සෙන්ටි මීටරයකට රු.1,250 ක බදු මුදලකි.

නමුත්, 2018 අයවැය යෝජනාවලියේදී පිළිවෙළින් පෙට්‍රල් හා හයිබ්‍රිඩ් වාහන සඳහා වූ වටිනාකම පදනම් වූ නිෂ්පාදන බද්ද අයවන ක්‍රමවේදය පමණක් ඉවත් කළත්, එම බදු අය කිරීමේ කියුබික් සෙන්ටිමීටරයකට අය කෙරෙන බදු මුදල් පිළිවෙළින් රු.1,750/- ක් සහ රු.1,250/- ක් ලෙස ඒ ආකාරයෙන්ම පවතින බැවින් පුංචි කාර්වල මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව වාහන ආනයනකරුවෝ වැඩිදුරටත් පවසති.

ada.lk

Related posts

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

colombotoday

එජාපයෙන් ඉවත් කළ පළාත් පාලන සභිකයින් වෙනුවට නව සභිකයින් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය

colombotoday

උතුරු මැද මහ ඇමතිට කෝටි 4ක සැප වාහනයක්.. අතහිත මහ භාණ්ඩාගාරයෙන්

colombotoday

අක්කරයට වැඩි වගා ඉඩම් ඇති ගොවීන්ට ගිනි අවි බලපත්‍ර

colombotoday

සියොන් බෝම්බකරුගේ හිස යලි ගොඩගන්න නියෝග

colombotoday