Colombo Today Local News

කිරිබත්ගොඩ පාළු නිවසකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

නාදුනන කාන්තා මළ සිරුරක් කිරිබත්ගොඩ මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයාගෙන තිබේ.

පොලීසිය සැකපල කරන්නේ මීට දින හතරකට පමණ පෙර මෙම කාන්තාව ඝාතනය කරන්නට ඇති බවයි.

ඊයේ පස්වරුවේ ප්‍රදේශවාසීන්ගෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරක් මත කිරිබත්ගොඩ පොලීසිය මෙම කාන්තා මළ සිරුර සොයාගෙන ඇත.
එම කාන්තා මළ සිරුර ටයිල් කැට ගොඩකින් වසා තිබී ඇති අතර, එය නරක් වී තිබූ බව පොලීසිය සදහන් කරයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 35ක පමණ කාන්තාවක් වන අතර, ඇය දූෂණය කර ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

එම කාන්තාව මිය ගිය නිවසේ අලුත්වැඩි කටයුතු සදහා පුද්ගලයෙක් පැමිණ ඇති අතර, ඒ සම්බන්ධව CCTV දර්ශන ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරන බව පොලීසිය පැවසීය.

අදාළ කාන්තාවගේ මෘත ශරීරය මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සොයා පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු අරඹයි.

Related posts

‍පැය 4-5ක විදුලි කප්පාදුවක්?

Admin

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

colombotoday

“ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු” නෙළුම් පොකුණේ සිට පා ගමනක්

colombotoday

ගංවතුරෙන් මියගිය ගණන 300 වැඩියි… අපේ පෙර සූදානම නොවෙන්න 1000කට වඩා මිය යනවා

colombotoday

පරික්ෂාවට පෙර පොතුවිල් මුස්ලිම් පල්ලියකදී ජංගම දුරකථන 20ක් ගිනිතබයි…

colombotoday

මත්පැන් බලපත්‍රවලින් කොටසක් නැවත ලබා දෙයි

Admin