Colombo Today Local Newsfeatured

ප්‍රතික්ෂේප කල ඥානසාර හිමිගේ නාමයෝජනා පිළිගන්නා ලෙස නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

2020 මහ මැතිවරණය වෙනුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගේ නම ද ඇතුලත් අපේ ජන බල පක්ෂය කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කල නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව එම පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (12) දින නඩුවක් ගොනු කර තිබෙනවා.

අපේ ජන බල පක්ෂය කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කල නාම යෝජනා පත්‍රය පිළිගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් නඩුව විමසා තීන්දුවක් ලබා දෙන තුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා නීතිඥ නිලුකා දිසානායක මහත්මිය විසින් SC/WRIT/3 2020 දරන නඩුව ගොනු කර ඇත.

අපේ ජනබල පක්ෂය වෙනුවෙන් අධිකරණයේ කරුණු තහවුරු කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නිරාන් ඇන්කිටෙල්, පුලස්ති සේරසිංහ, ඉරේෂ් සෙනවිරත්න, සංජය මාරඹේ යන මහත්වරු අධිකරණයේ පෙනී සිටීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Related posts

යෝෂිත නාවික හමුදාවෙන් ඉවතට ! මහාධිකරණයෙනුත් ඇප නෑ

colombotoday

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

colombotoday

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්

Admin

සිංහලයාට නැති දෙමළාට, මුස්ලිමයාට පමණක් ඇති ප්‍රශ්නය මොකක්ද? BBS දෙමළ, මුස්ලිම් ඇමතිලා හමුවී කෙළින්ම අහයි !!

colombotoday

කැබිනට් මණ්ඩලය හෝ සභානායක මා පිළිගන්නේ නෑ – මැතිසබය ගිනියම් කරමින් කථානායක කියයි

colombotoday

කොවිඩ් කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් ඉවත්ව යයි

colombotoday