Colombo Today Local News

“වීඩියෝව ලීක් කරේ මම නෙවෙයි” – පොලිස්පතිට එරෙහිව මංගල පොලිස් කොමිසමට !

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් තමා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස් කොමිසම වෙත පැමිණිළි කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

තමා පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු සමරකෝන් බණ්ඩාට තර්ජනය කොට පහරදෙන වීඩියෝව ජනමාධ්‍ය වෙත ලබාදී ඇත්තේ මංගල සමරවීර ඇමතිවරයා යැයි පසුගිය සිකුරාදා (13) පොලිස්පතිවරයා අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබිණි.

පොලිස්පතිගේ කතාව ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අමතමින් පොලිස්පතිවරයා කල ප්‍රකශය ‘ලංකා නිව්ස් වෙබ්’ අඩවිය මෙසේ වාර්තා කර තිබිණ.

”මං දන්නවා මේක පිටිපස්සෙ ඉන්න අය. මේ වීඩියෝ එක ඉස්සෙල්ලාම මංගල සමරවීර ඇමතිතුමාට ලබාදුන්නෙ හෙඩ් ක්වාර්ටස්වල සීනියර් ඩීඅයිජී කෙනෙක්. පස්සෙ මංගල එයාගෙ කෝඩිනේටින් සෙකට්‍රි කෙනෙක් හරහා ඒක තවත් පිටරට ඉඳන් ක්‍රියාත්මක වෙන වෙබ් අඩවියකට දීලා තියනවා. (එකී සම්බන්ධීකරණ නිළධාරියාගේ හා අදාල වෙබ් අඩවියේ නම ද පොලිස්පතිවරයා සඳහන් කර ඇත)

මුං සේරම එක්කහු වෙලා බලන්නෙ මාව එලවන්න. එව්වා කොහෙද ? ජනාධිපතිතුමයි අගමැතිතුමයි මාව සීයට සීයක් ආරක්ෂා කරනවා’ යනුවෙන් කෝපයෙන් කෑගසා ඇති පොලිස්පතිවරයා පසුව හඬාවැටීමට ආසන්න ලෙස පවසා ඇත්තේ ‘ඕගොල්ලො සේරම ඒ ක්ලිප් එක දැක්ක නේ ? ඒකෙ මං සමරකෝන් බණ්ඩාට ගහනවද ? කොලර් එක පොඩ්ඩක් අල්ලනවා විතරයි.

අනික මම අර කාන්තා නිළධාරිනියව දූෂණය කරනවා කිව්වද ? (එම අවස්ථාවේ ඇය ද එම රැස්වීමේ සිට ඇත) මං කිව්වෙ උඹටත් මං කෙලවනවා කියලා. දැං මේ සේරම එක්කහු වෙලා මට කෙලවන්න නේ හදන්නෙ. ඒ කියන්නෙ මාව දූෂණය කරනවා කියන එක නෙවෙයි නේ’ කියාය.”

Related posts

ප්‍රචන්ඩ රැල්ල නොනවතී.. “ආවා“ට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් !

colombotoday

ලෝකයේ අරගල සාමකාමී නැහැ… හොර තක්කඩි එලවීම භාවනාවෙන් පන්සිල් අරගෙන කරන්න බැහැ

colombotoday

අධිකරණ ඇමතිට ආචාර්ය කියා ඇත්තේ වැරදීමකින්ලු

Admin

දඹුල්ලේ ලොරි,බස් ගැටුමක්. 35කට තුවාලයි

colombotoday

කොළඹ වරායට CCTV පද්ධතියක්

colombotoday

පොලිස් ඇමතිගෙන් CIDයට නියෝගයක්

Admin