Colombo Today Local News

සොරා ගත් ‘සඳගල’ පුරාවිද්‍යා ස්මාරකය සොයා මෙහෙයුම් අරඹ‍යි

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නමින් ප්‍රකට පුරාවිද්‍යා ස්මාරකය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පල්ලේකැලේ පොලීසිය පවසයි.

ක්‍රිස්තු වර්ෂ 1707 – 1739 අතර කාලයේ රජ පැමිණි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගාව පැවති ස්ථානයේ විචිත්‍ර කැටයමින් යුත් මෙම වටකුරු පුරාවිද්‍යා ස්මාරකය අඩි 4ක් පමණ දිගින් යුක්ත අතර අඩි තුනක් පමණ පළලින් යුක්ත වේ.

පෙරේදා අලුයම් කාලයේ බර වාහනයකින් පැමිණි පිරිසක් විසින් එම ගල ගලවාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

Related posts

බසයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

රාජිත සේනාරත්න අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලයි

colombotoday

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

ලෝකෙන්ම එකයි.. හිටපු රාජ්‍ය නායකයාට හමුදා ආරක්ෂාව දුන්නු එකම ජනපති මමයි

colombotoday

රිෂාඩ් බදුර්දීන් නිර්දෝශි ලු. බිරිඳගේ නමින් ජනපතිට ලිපියක්. | එලියට ගැනීමේ තුරුම්පු එකින් එක අදියි.

colombotoday

මම අගමැතිට විරුද්ධව ඡන්දය දෙනවා.. එජාපයේ පිරිසකුත් සූදානම් – රතන හිමි කියති

colombotoday