Colombo Today Local News

පාසල් සිසුන් ලක්ෂ 45කට අද පටන් රක්ෂණාවරණ !

පාසල් දරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීමේ වැඩසටහන අද(02) ආරම්භ වුණි.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ පාසල් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී එම උත්සවය පැවැත් වුණි.

එහිදී සංඛේතාත්මකව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙත සහ පාසල් දරු දැරියන් කිහිප දෙනෙකුට සෞඛ්‍ය රක්ෂණාවරණය පිරිනමා තිබේ.

වයස අවුරුදු 05ත් 19ත් අතර ලක්ෂ 45කට ආසන්න සිසු දරුවන් වෙත ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරක්ෂා රක්ෂණාවරණය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

රක්ෂණය සඳහා වන සියලු ගෙවීම් රජය මඟින් සිදු කරන අතර මේ වසර සඳහා ඒ වෙනුවෙන් රුපියල් බිලියන 2.7ක මුදලක් වෙන් කර තිබේ.

ඒ යටතේ නේවාසික රෝගීන්ට සහ වෛද්‍ය සේවා සැපයීම්වලට අදාළව වාර්ෂිකව රුපියල් ලක්ෂ 02ක උපරිමයකට යටත්ව ගෙවීම් සිදු කිරීමට නියමිතය.

රජයේ රෝහල් මෙන්ම  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලික රෝහල්, ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර සඳහා ගෙවීම් සිදු කරයි.

අද පැවැති උත්සවයට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ රටක දියුණුව සඳහා කළ හැකි ප්‍රමුඛතම ආයෝජනය අධ්‍යාපනය බවයි.

මෙවැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම හේතුවෙන් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම උත්සවයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

Related posts

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට අන්තිමයි

colombotoday

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය

colombotoday

ජනපතිගේ ගමන් වියදමට කෝටි 9ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

ඒකාබද්ධ විපක්ෂය අයවැය විරෝධයේ

colombotoday

රණවිරු දියණියගේ පැමිණිල්ල ඉවත දමා UN ලොක්කෝ සැගවෙති (Video)

colombotoday

බිබිල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ඉඩමකින් ජීව අත්බෝම්බ ඇතුළු උපකරණ අත්අඩංගුවට

colombotoday