Colombo Today Local News

වත්මන් රජය යටතේ තමන් ඇසූ, දුටු අමිහිරිම පුවත් ගැන සෙන්පති කමල් ගුණරත්න හෙළිකරයි

තම දෙනෙතින් දුටු අවාසනාවන්තම සිදුවීම සහ තමාගේ සවණට ඇසුණු අමිහිරිම ප්‍රවෘත්තිය වත්මන් රජය සමයේදී තමන්ට ඇසීමට හා දැකීමට ලැබුණු බව මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

එළිය සංවිධානය එළිදැක්වීම වෙනුවෙන් බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් ශාලාවේදී ඊයේ (06දා) පැවති උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මේජර් ජනරාල්වරයා,

“අද මගේ 56 වැනි උපන් දිනය.මගේ මේ ඇස් දෙකට අවුරුදු 56යි.මගේ මේ ඇස්දෙක පසුගිය අවුරුදු 56 පුරාම දැකපු හිරිකිතම සිද්ධිය තමයි අපේ ආබාධිත සෙබළුන්ට පොලීසිය එළවා එළවා පහරදීම. ඒ වගේම මගේ මේ කන් දෙකට අවුරුදු 56ක් වයසයි. ඒ අවුරුදු 56ක් වයස කන් දෙකට මීට ටික දිනකට පෙර ඇසුණු හිරිකිතම ප්‍රවෘත්තිය තමයි සිලාවතුර නාවික හමුදා කඳවුරට පොලිස් ආරක්ෂාව ලබාදීම.පොලීසියට ගහපු හැම අවස්ථාවකම ආරක්ෂාව ලබාදුන්නේ අපි. “යනුවෙන් පවසා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් ගුණරත්න මහතා,

“මම යුද හමුදාවට බැඳුණේ 1981 අගොස්තු 31 වැනිදා.ඒ වනවිට යුද හමුදාව් හිටියේ 15000යි.මම යුද හමුදාවෙන් විශ්‍රාම ගියේ 2016 සැප්තැම්බර් 05 වැනිදා. ඒ වනවිට යුද හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 230000ක්. යුද හමුදාවට තරුණයන් එතරම් ප්‍රමාණයක් බැඳුණේ එදා එස්.මහින්ද හිමියන් කිව් විදියට රටත් ජාතියත් ආරක්ෂා කරගන්න තුවක්කුවට, කඩුවට,ගල්උල්වලට ඉලක්කයක් වුණාට කමක් නැහැ කියාගෙන.

එහෙම ආපු ලක්ෂ ගණන් සෙබළුන්ගෙන් ත්‍රස්තවාදීන් සමග රට වෙනුවෙන් යුද්ධ කරලා 29000කට අධික සංඛ්‍යාවක් රට ජාතිය වෙනුවෙන් දිවි පිදුවා. 60000කට අධික පිරිසක් බරපතළ ලෙස අබාධිත වුණා. එසේ තුවාල ලැබූ පිරිසෙන් 10000කට අධික සංඛ්‍යාවක් අදත් අතක් නැහැ, කකුලක් නැහැ,නැත්නම් කකුල් දෙකම නැහැ, අත් දෙකම නැහැ, නැත්නම් කකුල් දෙකයි අත්දෙකයි ඔක්කොම නැහැ.

තුවාල ලැබූ ආබාධිත වූ සංඛ්‍යාවෙන් 10000කට වැඩිය ශරීරය සම්පූර්ණයෙන්ම අප්‍රාණික වෙලා වැටකොලු කරල්,පතෝල කරල් වගේ ඇඳන් උඩට වෙලා තම ජීවිතයේ මුළු කාලයම ගත කරමින් ඉන්නවා. ඒ සෙබළුන්ගේ හුස්ම වැටෙනවා, ඇස් පේනවා,කන් ඇහෙනවා,කෑම ටිකක් කන්න කට අරිනවා නමුත් ශරීරයේ කිසිම අවයවයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

අවුරුදු 18 දී යුද හමුදාවට බැඳලා මූලික යුද පුහුණුව අරගෙන අවුරුදු විස්සක් වනවිට යුද බිමට ගිය ඒ සෙබළා ඒ ආකාරයෙන් තුවාල වුණා නම් ඒ සෙබළාගෙන් ආයුෂ කාලය අවුරුදු 70ක් නම් ඉතුරු අවුරුදු 50ම ඔහු ජීවත්වෙන්න ඕන අර ඇඳ උඩ හැමමොහොතේම දස දහස්වාරයක් මැරි මැරී ඉපදී. ඒ සෙබළාගේ අම්මයි තාත්තයි හුස්ම වැටෙමින් ඇඳ උඩ ඉන්න තමාගේ පුතා දකින දකින වාරයක් පාසා මැරී මැරී උපදිනවා.

අවසාන යුද්ධය පැවති වසර දෙකයි මාස 10ක් තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ පමණක් නිලධාරීන් හා සෙබළුන් 5900කට වඩා මියගියා. එම කාලයේ යුද හමුදාවේ පමණක් 29000කට වඩා තුවාල ලැබුවා.ඉන් 10000කට වඩා බරපතළ ලෙස තුවාල ලැබුවා.මොකදට ඒ අය මේ කැපකීරීම කළේ. ඒ අය හිතෙන් සතුටු වෙනවා රට ජාතිය වෙනුවෙන් යුතුකම ඉෂ්ට කළා කියා. ඒ කැපවීමට අද කෘතගුණ දක්වන්නේ කොහොමද? “යනුවෙන් පවසා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Ada.lk

Related posts

ජල නළය පිපිරි කොටන රත්නපුර ප්‍රධාන මහා මාර්යට හානි… ප්‍රදේශ රැසකට ජලය නවතී.

colombotoday

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවිකාවන් 69කට කොරෝනා

colombotoday

සමාජ ජාල අවහිර කිරීම බරපතල මාධ්‍ය මර්දනයක පෙරනිමිත්තක් ? – මාධ්‍ය සංවිධාන රජයට දෙහි කපයි

colombotoday

වෙඩි නොවදින වාහන ගෙන්වන්නේ නෑ – සජිත්ගෙන් තවත් ජනපති පොරොන්දුවක්

colombotoday

බැසිල් රාජපක්ෂ හොරකමට සුක්ෂමයි – විමල් වීරවංශ කියයි

colombotoday

ලයිට් කැපූ අල්ලපනල්ලේ එජාප පාක්ෂිකයෝ තොගයක් කොළඹ එති.. කා, බී, නටා ගයා ප්‍රීති වී වෙනස සැපයි කියති

colombotoday