Colombo Today Local News

“රනිල් “උසී” කීවාම ෆොන්සේකා බුරන්න ඕන.. යුද විරුවෙකුට ගිය කලක් !” – ගෝලීය ශ්‍රී ලංකා සංසදය

අද වන විට සරත් ෆොන්සේකා මහතා යුධ විරුවාගේ භූමිකාවෙන් ඉවත්ව රට පාවා දෙන්නෙකු බවට පත්ව තිබෙන බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසයි.

ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ලවී ඇති යුධ අපරාද චෝදනා සම්බන්දයෙන් අදහස් පල කිරීමට පසුගිය දා (04) කොළඹදී පැවති මාධ්ය හමුවකදී එම සංවිධානයේ සම්බන්ධීකාරක නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙම අදහස් පළ කලේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ බැල්ලන්තුඩාව මහතා මෙලෙස අදහස් පළකලේය.”සරත් ෆොන්සේකා මහතා යුද්ධය කරන අවස්ථාවේදී එතුමන් වෙනුවෙන් බෝධි පූජා පැවැත්වුවෙ සෙත් පැතුවෙත් මේ රටේ දේශප්‍රේමී ජනතාව විතරයි. නමුත් එතුමන් අද වන විට සම්බන්දවී සිටින්නේ එදා ඕන ගොනෙකුට පුලුවන් යුද්ධ කරන්න කියල ෆොන්සේක මහත්මයව බිමට ඇදල දාපු කිරිඇල්ලල , රවී කරණානායකල, රනිල් වික‍්‍රමසිංහල එක්ක. සරත් ෆොන්සේක මහතාට දේශපාල දැනුමක් නැති බව අප කවුරුත් පිලිගත යුතු දෙයක්.

අනෙක් කරුණනම් පවුල් වාදයට විරුද්ධව මැතිවරණයට පැමිණ තම පක්ෂය තම භාර්යාවට අන්තිම කැමති පත්රඇයකින් ලියල දීපු පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතාට රනිල් වික‍්‍රමසිංහ මහත්මය විසින් පවරන ලද රාජකාරියක් තියෙනවා. ඒක තමයි රනිල් වික‍්‍රමසිංහ උසී කිව්වහම ෆොන්සේක මහත්තය බුරන්න ඕන. අන්න ඒ ටොමියගෙ ජවනිකාව තමා එතුම දැන් රගපාන්නෙ. ඒ නිසා ඔවු මේ වනවිට යුධ විරුවාගේ භූමිකාවෙන් ඉවත්ව වෛරයෙන් මත්වෙලා රට පාවාදෙන තත්වයට පත්වෙලා”

Related posts

බැදුම්කර “හොරු ඇල්ලීම” අගමැති අතට ගනී.. මහබැංකු අධිපතිට, නිලධාරීන්ට උපදෙස් !

colombotoday

ඈවරයි, දෑවරයි… සතොසත් විකුණන්න යයි!

colombotoday

පන්සල් හා පල්ලිවලට IS ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවන් අත්අඩංගුවට

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙක් මිය යයි

Admin

ආරක්ෂිත වෙසක් දිනයක් වේවා. අධ්‍යාත්මික වර්ධනය සර්වබලධාරි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු. | උලමාගෙන් වෙසක් දින පණිවුඩයක්.

colombotoday

හංවැල්ලේදී වෙඩිතැබීමක්

Admin