Colombo Today Local News

ඉහළ තැන්වල තොරතුරු රැසක් එළියට.. පර්පචුවල් ප්‍රධාන ගැණුම්කරුට පොලිස් ආරක්ෂාව !

පර්පචුවල් ට්‍රෙෂරීස්  ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතාට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස කොමිසම අද (06) නියම කළේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය සිදුකළ ක්‍රියාවන් හා ඊට සම්බන්ධ වූ දේශපාලනඥයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගේ නම් හෙළි කිරීමෙන් අනතුරුව ඇතිවන බලපෑම් වැළැක්වීමට ආරක්ෂාව සලසන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් කොමිසම මෙලෙස නියම කළේය.

මහ බැංකු මූල්‍ය මණ්ඩලයෙන්ද සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර මහතාගෙන් ද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නිලධාරියකුගෙන් ද ලංසු තැබීම ගැන ඇලෝසියස් මහතාට තොරතුරු ලැබුණ බවත් ඒ සමයේ මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළේ ඇලෝසියස් මහතාගේ මාමා වන අර්ජුන් මහේන්ද්‍රන් බවත් පළිසේන මහතා පැවසීය.

මහ බැංකුවේ ඉහළම පුද්ගලයින්ගෙන්  සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ලැබුණු තොරතුරු පදනම් කරගනිමින් බැඳුම්කර සඳහා ලංසු ඉදිරිපත් කිරීම මගින් රුපියල් බිලියන 11කට අධික ලාබයක් ලැබූ බව පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා කොමිසමට කීවේය.

(ලංකාදීප)

Related posts

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

colombotoday

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

පාර්ලිමේන්තුවේ පිරිත නවත්වන්න. පිරිතක් තියලා පෝලිම් ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුලුවන්ද?

colombotoday

උලමා සභාවේ බලහත්කාරයට යටවූ අලි සබ්‍රි බහු විවාහ සඳහා අවසර ඉල්ලයි. – තමන්ගේම කැබිනට් යෝජනාව සංශෝදනයට අවසර පතයි.

colombotoday

සේරුවිල රජමහා විහාරයේ කටයුතුවලට මහනායක හිමියන්ට මැදිහත් වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්. | කිරිබත්ගොඩ ඥානානන්ද හිමිට චෝදනා. | නීතිඥයා අලි සබ්‍රිගේ ජේෂ්ඨතම කනිෂ්ඨයෙක්. Updated

colombotoday

කාබනික නිෂ්පාදන සතිය අදින් ඇරඹේ

colombotoday