Colombo Today Local News

මගුලකට බලෙන් පැන, කා බී කාන්තාවන්ගේ අගපසග මිරිකන්න ගිහින් පදමට ගුටි කෑ තෙවරප්පෙරුම ඇමති දැන් කියන කතාව

පසුගියදා සමාජජාල තුල දැඩි කතාබහට ලක්වූ පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා මතුගම ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකදී ඇතිකරගත් ගැටුමට සම්බන්ධයෙන් ඊට සති දෙකකට පසු බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඉලක්ක කරමින් අපහාසාත්මක ප්‍රකාශයක් ඔහු විසින් නිකුත් කර තිබේ.

එම උත්සවයට සහභාගී වී සිටි කාන්තාවන් කිහිප දෙනෙකු සමග තමන් ඡායාරූප ගත් බවත්, එහි සිටි කාන්තාවක් පෙන්වමින් ඇය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ අනියම් බිරිය බව අයෙක් තමන්ට පැවසූ බවත්, එහි සිටි කාන්තාවන් සමග තමන් සමීපව හැසිරුණු නිසා ඇයගේ සැමියා තමන් සමග ගැටුමක් ඇතිකරගත් බව තෙවරප්පෙරුම ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

අදාළ සිදුවීම පිළිබදව වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී දැනගැන්මට ලැබුනේ තෙවරප්පෙරුම ඇමතිවරයා ඩෙගා නැටීමට මූලික හේතුව වී ඇත්තේ දේශපාලන කෝන්තරයක් බවයි. එම මංගල උත්සවයේ පළමු දිනය බත්තරමුල්ල වෝටර් ඒජ් හෝටලයේ පවත්වා ඇති අතර එයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ ඇතුලු ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයන් රැසක්ද සහභාගී වී ඇත. බොහෝ දේශපාලන සබදතාවයන් ඇති මතුගම ප්‍රදේශයේ ප්‍රභූ පවුලක් වන එම පවුලේ පිරිස තමන්ට පමණක් ආරාධනා නොකිරීම පිළිබදව උරණ වී ඇති තෙවරප්පෙරුම ඇමතිවරයා දෙවන දිනයේ මංගල සාදය පැවති තම ගම් ප්‍රදේශය වන මතුගම පිහිටි නිවසට ගෝල බාලයන් සමග බලහත්කාරයෙන් කඩා පැන ඇති අතර ඒවන විටත් ඔහු බීමතින් සිටි ඇත.

මගුල් ගෙදරින් හොද හැටි කා, බී බඩ කට පුරවාගත් ඇමතිවරයා ඉතාමත් අශීලාචාර ලෙස හැසිරෙමින් මංගල සාදයට පැමිණ සිටි මනාල යුවලගේ ප්‍රංශ ජාතික මිතුරියන් සහ එහි සිටි කාන්තාවන් කිහිප දෙනෙකුට අශෝභන කතා කියමින් ඔවුන්ව අතපත ගෑමට ගත් උත්සාහය නිසා මෙම ගැටුම්කාරි තත්ත්වයට මුලපුරා ඇත. එහි සිටි පිරිස සමග දේශපාලන වාදයක පැටළී ඇති ඇමතිවරයා හිටපු ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇත. ඒ සමගම දෙපිරිස අතර උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදුවී ඇති අතර සිද්ධිය සමථයක පත්කිරීමට උත්සහා කළ මනාලියගේ අසූ දෙහැවිරිදි ඥාතිවරයෙකුට අමාත්‍යවරයා විසින් පහරදීමත් සමග සිද්ධිය දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇත.  තෙවරප්පෙරුම උල් පිහියක් අතින් ගෙන එහි සිටි පිරිසට අනින්නට තැත් කරන ආකාරය වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත.

මංගල නිවසෙන් වෙරි හිදෙන්නට ගුටි කෑ ඇමතිවරයා පසුව එම ස්ථානයේ ඉවතට ගොස් සිය ගිනි අවිය එළියට ඇද අහසට වෙඩි තබා ඇති අතර, පසුව පැමිණි ඔහුගේ ආධාරකරුවන් මනාලයා හා මානාලියගේ නිවස වටකර කෑ කෝ ගසමින් තර්ජනය කර ඇත. මෙම සිදුවීම වන අවස්ථාවේ ප්‍රංශ ජාතිකයන් 30 දෙනෙකු පමණ එම ස්ථානයේ සිට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් ප්‍රංශ තානාපති කාර්යාලයද දැනුවත් කර ඇත. මේවැනි නිර්ලැජ්ජිත මෝඩ අමනයන් පාර්ලිමේන්තුවට පත් කිරීමට තරම් මේරටේ මිනිසුන් නොදියුණු තත්ත්වයක ඉන්නවාදැයි එම ප්‍රංශ ජාතිකයන් මංගල සාදයට පැමිණ සිටි අයගෙන් විමසා ඇත.

එම පවුලේ සාමාජිකයන් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ද සමීප හිතවතුන් වන අතර උන්වහන්සේගේ සංවිධාන කටයුතු වෙනුවෙන් අවස්ථා කිහිපයකදී උදව් උපකාර කර ඇත. 2014 අලුත්ගම සිදුවූ ගැටුමට මැදිහත්වීමට ගිය අවස්ථාවේදී තෙවරප්පෙරුම ද හොද හැටි පහරකෑමට ලක්වී තිබිණි.  එම ගැටුම මැද බොරදීයේ මාළු බෑමට උත්සාහක යෙදුනු ඔහු එම සිදුවීමේ වරද සිංහල පාර්ශවය පිට පටවමින් මුස්ලිම් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි අතර මුස්ලිම් ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ පහත් උත්සාහයක නිරතවනු දක්නට ලැබිණි. ඔහු මුස්ලිම් ජාතිකයන් සමග ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට තිත්ත කුණුහරුපයෙන් බැනවදින වීඩියෝ දර්ශන ඒ දිනවල සමාජ ජාලාවල සංසරණය විය.

ඥාණසාර හිමියන් සමග ඇතිකරගත් බද්ද  වෛරයත්,  එම හිමියන් සමග අදාළ පවුලේ අය පවත්වන සමීප හිතවත්කමත්, ඔවුන් දේශපාලන වශයෙන් තමන්ට සහයෝගය නොදැක්වීමත් යන කාරණා මත අදාළ සිදුවීමට ඥාණාසාර හිමියන්ව පටලවාගනිමින් තම නිරුවත වසා ගැනීමට තෙවරප්පෙරුම ඇමතිවරයා තැත් කරන බව එම පවුලේ සාමාජිකයෙක් අප සමග කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1658216530905265/” width=”500″ height=”400″ onlyvideo=”1″]

ඇමති මදාවියා මගුල් ගෙදරදී යකා නටපු හැටි

[fbvideo link=”https://www.facebook.com/100014700751621/videos/275864586246898/” width=”480″ height=”400″ onlyvideo=”1″]

Related posts

කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්

colombotoday

ජනපති ජනවරමට පිටුපෑවා… මැතිසබය විසුරුවීම නිසා රටේ නම කැතවුණා… මම සිත් වේදනාවෙන් – හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

අනුරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday

“ජනපතිට වැඳ සමාව ඉල්ලුවේ නෑ… සමාව ඉල්ලන්නෙත් නෑ“ – ෆොන්සේකා කියයි

colombotoday

තොග වශයෙන් කේරළ ගංජා බෙදු යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අල්ලයි

colombotoday

ශ්‍රීලනිපය මකවා හදයි.. මහින්දවාදීන් විසිවෙයි!

colombotoday