සරත් ෆොන්සේකා කියන චරිතය ජීවිතයට වැඳලා තියෙන්නේ දෙමව්පියන්ටයි පූජ්‍ය පක්ෂය ටයි විතරයි. දේශපාලනඥයින්ට මම ජීවිතේට වැඳලත් නෑ වඳින්නෙත් නෑ රාජපක්ෂ අධිකාරිය මාව හිරේ දාන කොට මගෙන් ඉල්ලීමක් කරා සමාව ගත්තොත් එළියට දානවා කියලා එවෙලෙත් දන ගහපු නැති මම දේශපාලනඥයින් ලග ගිහිල්ලා වැඳලා සමාව ගත්ත කියනවනම් මේ රටේ ජනතාව ඒවා විශ්වාස කරන එකක් නෑ.” යැයි වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද (11))හොරොව්පතානේදී පැවසීය.

අමාත්‍යවරයා එසේ කීවේ අද (11)හොරොව්පොතාන වන අලි සුරැකුම් මධ්‍යස්ථානයෙ නිරීක්ෂණ චාරිකාවකට පැමිණ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය.

“කැබිනට් ප්‍රකාශ සිද්ධ කරන එක වගකිව යුතු ප්‍රකාශයක් කාටවත් කඩේ යෑමක් නොවිය යුතුයි ඒ නිසා එවැනි ප්‍රකාශ පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා.පහුගිය දිනවල මට නීතිය හා සාමය අමාත්‍යාංශය අහිමි කරපු දවසේ ඉඳලා මම යම් යම් ප්‍රකාශ කළා. සමහර ප්‍රකාශ වල දේශපාලනික වශයෙන් සමහරු විවේචනය වුණා. ඉතින් ඒවා හරහා මට ලැබුණු බලවේගයක් මත මම ජනාධිපතිතුමාගෙන් වැඳලා සමාව ගත්ත කියල තමයි කියන්න හදන්නෙ ඒකතාව සම්පූර්ණ බොරු.

අපි සාකච්ඡාවක් තිබුණා මම මලික් සමරවික්‍රමයි   ජනාධිපතිතුමයි අගමැතිතුමයි අගමැති කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. එතැනදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අපි හිත හොඳින් හිටපු කට්ටියනෙ අපි හිතවතුන් ඒ නිසා අපි අතර ප්‍රශ්න තියනවනම් මාධ්‍යයට කියන්න අවශ්‍ය නෑනේ මීටින් වල කියන්නත් අවශ්‍ය නෑනෙ කියලා.

එතකොට මම ප්‍රකාශ කළා තිබුණ වාතාවරණය මත එවැනි දේවල් සිද්ධ වුණා අපිට ඉදිරියට එකට වැඩ කරන්න පුළුවන් කියලා. විනාඩි තුනක සාකච්ඡාවක් එච්චරයි සිද්ධ වුණේ.”