Colombo Today Local News

තවත් බොරු එපා.. ඉල්ලා අස් වෙන්න – GMOAගෙන් රාජිතට අභියෝගයක් !

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් වී රටේ නීතියක් බවට පත්විය යුතු බවට අධිකරණය විසින් දැනුම් දී දැනට මාස 6කට අධික කාලයක් ගත වුවද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් එය මගහරිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත කිරීම තුළින් “සයිටම්“ වෛද්‍ය විද්‍යාලයේ බාල ප්‍රමිතය රට හමුවේ නිරාවරණය වන බැවින් සෞඛ්‍ය අමාත්‍යවරයා එය මගහරිමින් සිටින බවයි.

තව දුරටත් ජනතාව මුලා කිරීම නවතා රාජිත සේනාරත්න මහතා ඇමති ධුරයෙන් වහාම ඉල්ලා අස්වියයුතු යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම නිවේදනය මගින් කියා සිටී.

Related posts

වෙළඳ නෞකාවක සිට රෝගී ඉන්දියානුවෙකු නාවික හමුදාව කොළඹ වරායට ගෙන එයි.

colombotoday

උතුරු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙක් පැහැරගන

colombotoday

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්

colombotoday

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 75 ඉක්මවයි

colombotoday

දිවයින පුරා කුඩා වැව් 10,000ක් සිඳී යයි – වැව්වල ළිං හාරන්න අවසර

Admin