Colombo Today Local News

දුරකථන දත්ත වාර්තාව කොමිසමට : අර්ජුන්ගේ දුරකථනයේ ‘Ravi K’ සහ ‘Hon. PM’ ලෙස සටහනක්

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද(02) දින බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට විශේෂ හෙලිදරව්වක් කළේය.

ඒ පර්පචුවල් ටෙෂරීස් සමාගමේ අර්ජුන ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයෙන් දත්ත පිටු 8600 ක් ලබාගෙන ඇති බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව එම දත්ත විමර්ශනයේදී ‘Ravi K’ සහ ‘Hon. PM’ ලෙස පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කෙටි පණිවිඩ කිහිපයක් සටහන් වී ඇති බවයි. එක් කෙටි පණිවිඩයක “…. Get a copy from PM” වශයෙන් සඳහන් වී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයින්ට අනුව මෑත කාලයේදී ඇලෝෂියස් මහතා සන්ඬේ ලීඩර් පුවත්පතට මුදල් සපයා ඇති බව ඇතැම් දුරකතන කෙටි පණිවිඩ වලින් පෙනී ගොස් තිබේ.

මේ පිළිබඳව ප්‍රශ්න කළ විට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද(02) පෙරවරුවේ ප්‍රකාශ කර ඇත්තේ ‘Ravi K’ ලෙස යොමු කර ඇති ඇලෝෂියස් මහතාගේ දුරකතන පණිවුඩ පිළිබඳ ඔහු දැන සිටියේ නැති බවයි.

අර්ජුන ඇලෝසියස් මහතා දිගු කාලීන පවුලේ මිතුරෙකු ලෙස දැන සිටි බවත් රාජකාරී හෝ ව්‍යාපාරික කටයුතු පිළිබඳ ඔහු සමග සම්බන්ධතාවයක් නොතිබූ බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර තිබේ.

Related posts

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

විධායක ජනාධිපතිධුරය අහෝසියට මහින්ද එකගයි…

colombotoday

මහින්ද රාජපක්ෂ අද මානව හිමිකම් කොමිසමට නොකැඳවීමට තීරණයක්..

colombotoday

පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් චෝදනාවලින් නිදහස්

colombotoday

“ජනතාවගේ බත් පතෙන් හොරා කෑ බදුර්දීන් ඇමතිකමින් නෙරපනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

ගංවතුර අනතුරු ඇඟවීම්

colombotoday