Colombo Today Local News

ආනයනික සහල් සහ පාන් පිටි බදු පහළ දැමේ !

වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් කිලෝවක විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රු.5.00 සිට ශත 25 දක්‌වා ද ආනයනික තිරිඟු පිටි කිලෝවක සෙස්‌ බද්ද රු. 25 සිට රු. 15 දක්‌වා ද අඩුකර ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.

එසේම ආනයනික තිරිඟු ඇට මත වූ බද්ද කිලෝවකට රු. 9.00 සිට රු.6.00 දක්‌වා රු. 3.00 කින් ද අඩු කර ඇත.

මේ අතරම ආනයනික තෝර මාළු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රු. 50 කින් අඩු කර ඇත. මේ අනුව ආනයනික මාළු අතරින් තලපත් සහ කොප්පරා මාළු කිලෝවක්‌ සඳහා මෙතෙක්‌ පැවැති රු. 75.00 ක විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රු. 25 දක්‌වා අඩු කර ඇති බවත් ධීවර අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට අනුව මෙම සහනය ඉදිරි මාස තුන සඳහා වලංගු බවත් මුදල් අමාත්‍යාංශය කියයි.

ජනතාවට සහන සැලසීම සඳහා ඊයේ (01 දා) රැස්‌ වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්‌ඩල අනුකාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව ද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

Related posts

යුද හමුදාවේ දෙවනි පුටුව මේජර් ජනරාල් ශවේද්‍රන්ද සිල්වාට…

colombotoday

වෛද්‍ය ෂාෆි සම්පූර්ණයෙන් නිර්දෝෂයි… ඔහුව අත්අඩංගුවට ගත් DIG ගැන පරීක්ෂණයක් – ආණ්ඩුකාර සාලි

colombotoday

දියගම තාක්ෂණ විද්‍යාපීඨයේ බුදු මැදුරටත් සංහිදියාව හරස් වෙයි..!

colombotoday

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි තවත් ඉහළට

colombotoday

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන මස ශ්‍රී ලංකාවට.

colombotoday

කටුනායක වැසෙයි.. මත්තල පිරී ඉතිරෙයි

colombotoday