Colombo Today Local News

‘සිංහල බෞද්ධයාගේ ප්‍රශ්නය‘ පිළිබද “සත්‍ය ගවේෂණ කොමිසක්“ – නාහිමි යෝජනාවට ජනපති එකගයි

සිංහල බෞද්ධ ජනතාව මුහුණ දී සිටින  අර්බුධය සම්බන්ධයෙන්   තොරතුරු ගවේශණය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ‘සත්‍ය ගවේෂණ‘ කොමිසමක්  පත් කරන්නැයි පසුගිය ජූනි මාසයේ දී තමන් කළ  ඉල්ලීම සහ අතිපූජනීය තෛනිකායික මහා නාහිමියන්ගේ යෝජනාවට එකගත්වය පලකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය  ප්‍රසාදය පලකර තිබෙනවා.

බොදු බල සේනා ඇතුළු සෙසු සංවිධානත්, ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු සංඝයාවහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ සටනේ සංධිස්ථානයක් ලෙස මෙම යෝජනාව සලකන බවද එම සංවිධානය පවසයි.

මේ පිලිබදව සදහන් කරමින් බොදුබල සේනා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ මහතා විසින් අද දින 07) ජනාධිපතිවරයාට යොමුකළ  ලිපිය පහතින්.

සිංහල බෞද්ධයා මුහුණ දෙන අර්බුද පිලිබඳ සත්‍ය ගවේෂණ කොමිසමක් පත් කිරීම.

2017 ජුලි මස 6 වන දින අතිගෞරවණීය මහානායක හිමිවරුන් ප්‍රමුඛ නායක හිමිවරුන් සමග ඔබතුමා පැවැත්වූ සාකච්චාවේ ප්‍රතිඵලයක් ලෙස සිංහල බෞද්ධයා මුහුණ දෙන අර්බුද පිලිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට සත්‍ය ගවේෂණ කොමිසමක් පත් කිරීමට ගනු ලැබූ තීරණය පිලිබදව බොදු බල සේනාවේ සතුට හා ස්තුතිය අතිගෞරවණීය මහානායක හිමිවරුන් ප්‍රමුඛ නායක හිමිවරුන්ට , ඔබට හා බුද්ධ ශාසන අමාත්‍යවරයාට පල කරමු.

2017 ජුනි මස දී මේ අර්බුද විසදීම උදෙසා සත්‍ය කොමිසමක් පත් කල යුතු බව බොදු බල සේනා විසින් කරනු ලැබූ යෝජනාව මෙලෙස මාසයක් ගත වීමට පෙර අතිගෞරවණීය මහානායක හිමිවරුන් ප්‍රමුඛ නායක හිමිවරුන්ගේ අප්‍රතිහත කැපවීම නිසා මල්පල ගැන්වීම පිලිබඳව අප අතිශය සතුටු වුවද එය හුදෙක් ජයග්‍රහණයක් ලෙස නොසලකමු.

2012 මැයි මස සිට බොදු බල සේනාව කරනු ලැබු විශේෂයෙන් අප සංවිධානයේ නායක හිමි වන පුජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි අතුලු බොහෝ දෙනා ජීවිත පරිත්‍යාගයෙන් කරනු ලැබූ සටනේ සංධිස්ථානයක් ලෙස මෙම යෝජනාව අපි සලකමු. අප සමග හෝ වෙන්ව මේ වෙනුවෙන් සටන් කල අනෙකුත් සංවිධාන හා පුද්ගලයින්ද මෙහිදී සිහිපත් කල යුතුය..

සියලු පෞද්ගලික අවශ්‍යතා අමතක කරමින් , සියලු තාඩන පීඩන වලට ලක්වෙමින්, සිරබත් කමින් පූජ්‍ය ඤාණසාර හිමියන්ගේ භූමිකාව ඉදිරියේ දී වඩාත් තේරුම් ගැනීමට මෙය පැහැදිලි අවස්ථාවක් වනු ඇත.

ශතක ගණනාවක් තිස්සේ ගෝලීය බලවේග වන අන්තගාමී, මූලධර්මවාදී වූ, විටෙක ත්‍රස්තවාදී වූ ක්‍රිස්තියානි, කොමියුනිස්ට්, දෙමල හා ඉස්ලාමික කල්ලි වල මෙන්ම අදූරදර්ශි දේශිය දේශපාලන කල්ලි වල බලපෑමට ලක් වූ සිංහල බෞද්ධයාට වූ හා වෙමින් පවතින විනාශයන් පිලිබදව 1956 -බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාව, 1957 – බුද්ධ ශාසන කොමිෂන් වාර්තාව මෙන්ම 2007 සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ අන්‍යාගමිකරණය පිලිබද කොමිෂන් සභා වාර්තාව පැහැදිලිව කරුනු ඉදිරිපත් කර ඇත.

මේ සියල්ලට වඩා වැදගත් වනුයේ 2001 දී චනද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරිය විසින් පත් කල බුද්ධශාසන ජනාධිපති කොමිෂන් සභාව හා 2002 දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රජය විසින් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවය. එය පැහැදිලිව වසර 15 කට පෙර තත්වය ඉදිරිපත් කර ඇත. මෙම දුෂ්ඨ බලවේග හමුවේ වර්තමානය වනවිට තත්වය වඩාත් සංකීර්ණ හා භයානක ලෙස වර්ධනය වී ඇති බව ඉතා පැහැදිලිය

මෙම බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 140 පිටුවට අනුව මෙම තත්වය 2002 දී පවා ප්‍රචණ්ඩත්වයට හේතු වූ බව දක්වා ඇත. සිය නිර්දේශ ඉදිරිපත් කරමින් මෙම කොමිසම වාර්තා කර ඇත්තෙ එම නිර්දේශ ක්‍රියාත්මක නොකලහොත් ආගමික ආරවුල් ඇති වී රටේ අස්ථාවර භාවයක් පහල වීමට බොහෝ ඉඩකඩ ඇති බවය.

බොදු බල සේනා 2012 දී බිහිවන්නෙ එම වාර්තාව පිලිබඳව කිසිදු වගකිව යුතු පාර්ශවයක් පියවර නොගැනීම නිසාවෙන් බව සියලු පාර්ශව තේරුම් ගත යුතුය. මෙම ජනාධිපති කොමිෂන් වාර්තා වේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ජාතියේ අවාසනාවක් හා ජාතික අපරාධයක් ලෙස අපි සලකමු. අපි මේ පිලිබඳ හඩනැගුවෙමු. ජනතාව දැනුවත් කලෙමු . පොලිසියට පවා පැමිණිලි කලෙමු.

ජනාධිපතිතුමනි, මෙම ඉතිහාසයේ වූ අපරාධය හෝ අත්වැරැද්ද වෙනුවෙන් සාධාරණයක් කරන්න , නිවැරදි කරන්න ඉතිහාසය විසින් ඔබට පවරා ඇත..එය අතිශය දුෂ්කර ව්‍යායාමයක් බව අපි දනිමු..

සිංහලයා විශේෂයෙන් සිංහල බෞද්ධයා මේ රටේ බහුතරයක් වුවද ගෝලීය බලවේග වන ගෝලීය මූල්‍ය , දේශපාලන , ආගමික, හා මාධ්‍ය වැනි බලවේග හා ජාත්‍යන්තර න්‍යාය පත්‍ර වල බලපෑම තුල අද ගෝලීය සුලුතරයක් පමණක් නොව ඉතා සුලු කාලයකදී විනාශ වී යන ජාතියක් නොව ජනකොටසක් බවට පත් වෙමින් පවතී.

මෙම බලවේග හමුවේ ඔබට කෙතරම් මෙම සත්‍ය කොමිසම ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දේවිද යන්න සැක සහිතය.

අදුරදර්ශීවුත් වෛරී වුත් පක්ෂ දේශපාලනය නිසා නිදහසින් පසු ජාතියක් නිර්මාණය කර ගැනීමට අපොහොසත් වූ , “යූඑන්පී ජාතිය”, “ශ්‍රීලංකා ජාතිය” ආදී වශයෙන් බේද බින්න වී ඇති, දියුණු කල නොහැකි රටක් ලෙස දුර්වල වී ඇති මේ දේශය ගොඩ නගන්නට, සිංහල බෞද්ධයා ගේ අනන්‍යතාවය සුරැකීම මෙන්ම ශක්තිමත් කිරීම රටේ දියුණුව මෙන්ම රටේ සහජීවනය උදෙසා අත්‍යවශ්‍ය සාධකයක් බව අපගේ විශ්වාසයයි .

බහුතරයක් වූ සිංහල බෞද්ධයා විරසක කොට ජයගැනීමට කටයුතු කරන ව්‍යවස්ථා සංශෝධන මගින් කිසිදු සංහිඳියාවක් සාර්ථක නොවන බැවින් හැකි ඉක්මනින් මෙම කොම්සම පත් කර එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත්, ඒ අතර 2002 බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිමු.

සිංහල හා දෙමල භාෂා කතා කරන පිරිස් මෙන්ම බෞද්ධ , හින්දු, ඉස්ලාම් , කතෝලික ඇතුලු ආගමික සියලු දෙනාට සහජීවනයෙන් ජීවත් වීමටත්, රට දියුණු කිරීමටත් මේ කරුණු මෙන්ම සමස්ත රටවැසියාගේ සංහිදියාව ඇති කිරීමට බහුතර සිංහල බෞද්ධයාගේ සංහිදියාව හා සතුට අතිශය වැදගත් බව අපගේ විශ්වාසයයි.

ඉහත දැක්වූ දුෂ්ඨ බල වේග නිසා සිය රටේ බෝඩින් කරුවන් ලෙස ජීවත්වීමට සිදු වී ඇති සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටීමට සියලු පාර්ශවයන්ට බුද්ධිය හා සැබෑ ඔනෑ කම පහල වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

කොමිෂන් සභා පිලිබදව අපගේ අතීත අත්දැකීම් වුයේ බොහෝ විට ගැටළු අමතක කොට, අදාල පාර්ශවයන් තාවකාලිකව සතුටු කොට, සිය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම උදෙසා කල්මැරීම බවය.

සිංහල බෞද්ධයා මුහුණ දෙන අර්බුද පිලිබඳ සත්‍ය ගවේෂණ කොමිසමට එම ඉරණම අත්නොවේවා යන්න අපගේ අපේක්ෂාවයි. ඒ බව ආදර්ශයෙන් පෙන්වා දීම උදෙසා මෙම කොමිසම පත් කිරීමට සමාන්තරව 2002 බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිමු.

උක්ත කරුණු පිලිබදව ඔබතුමා සමග සාකච්චා කිරීමට බොදු බල සේනා සංවිධානයට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර දුර්වල කර ඇති, බේද කර ඇති සිංහල බෞද්ධයා එක්සත් කොට, ශක්තිමත් කොට සිංහල හා දෙමල භාෂා කතා කරන පිරිස් මෙන්ම බෞද්ධ , හින්දු, ඉස්ලාම් , කතෝලික ඇතුලු ආගමික සියලු දෙනාට සාමයෙන් සහජීවනයෙන් දියුණු රටක් බිහි කිරීමට හා සැබෑ සංහිදියාවක් ඇති කිරීමට ඔබට හෝ ඕනෑම නායකයකුට ඉතිහාසය විසින් නිර්මාණය කොට ඇති මේ සවර්ණමය අවස්ථාව සාර්ථක කර ගැනීමට බොදු බල සේනාවේ සම්පුර්ණ සහය කොන්දේසි විරහිතව පල කරමු.

තෙරුවන් සරණයි

මීට හිතවත්

දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිළධාරී
බොදු බල සේනා
0773218677

පිටපත්:

මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය අගමැතිතුමා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

 

Related posts

බොදු බල සේනාව තහනම් කරන්න – නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක් !

colombotoday

කබ්රාල් ඉල්ලා අස්වෙයි

colombotoday

විදේශ ඇමති රවී මෝදී හමුවී ඉන්දියාවෙන් වැඩ අරඹයි !

colombotoday

TNA සුමන්තිරන් සමග එයි.. යාපන සරසවි සිසු සංගම් සභාපති උසාවියට භාර වෙයි.. ක්ෂණික ඇප ලැබෙයි !

colombotoday

දකුණේ ධීවරයන් උතුරට යාම නවතන්න හිටපු මන්තී‍්‍ර තුරෙයිරාසා රවිහරන් දැඩි උත්සාහයක | ධිවරයොත් උසි ගන්වයි

colombotoday

GSP+ ගන්න, සමලිංගිකත්වය නීතිගත කර, ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න රජයේ අවධානය !

colombotoday