Colombo Today Local News

පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්

මාතර වෙරළ උද්‍යානය යාබදව පිහිටා ඇති රන් දූපතට(පරෙවි දූපත) පිවිසීම සඳහා නව පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ, රන් දූපතට පිවිසීමට ඉදිකර තිබූ පාලම දීර්ඝ කාලයක සිට අබලන්ව පැවති අතර ඊයේ(04) පෙරවරුවේ එය කඩා වැටීමෙන් දූපතට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවට පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් විසින් ජනාධිපතිතුමාට දැනුම් දී ඇති බවය.

සියම් මහා නිකායෙහි රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය පිහිටා ඇති මෙම දූපත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.

ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන් අද(05) පෙරවරුවේ එම ස්ථානයට යාමට නියමිත අතර, පාලමේ ඉදිකිරීම් මාස 06ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

Related posts

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක් !.. පැමිණිල්ල විමසන්න පොලීසියට කැදවයි

colombotoday

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලෙයි – එක් සිසුවෙක් මිය යයි

Admin

“උතුරේ සිදුවීම් පාලනයට රජය අසමත්.. ජාත්‍යන්තර මැදිහත්වීමක් වහා අවශ්‍යයි“ – විග්නේෂ්වරන්

colombotoday

හම්බන්තොට වෙඩි තැබීමක්

Admin

රාජ්‍ය ආදායමෙන් 96%ක්ම ණය ගෙවනවා.. සංවර්ධනයට 4%යි

colombotoday

ඇමෙරිකාවෙි මහ මොළකරැ ෂෙක් මොහොමඩ්ට විරුද්ධව නඩු පැවරුවේ අවුරුදු විස්සකට පස්සේ – මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර

colombotoday