Covid 19

මාර්ගයක ඇද වැටී සිටියදී රෝහල්ගත කළ අයෙක් මරුට.. කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙයි

මාර්ගයක ඇද වැටී සිටිය දී ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව පුද්ගලයෙකු මියගොස් තිබේ.

පසුව සිදුකරන ලද පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.

එසේ මියගොස් ඇත්තේ වෙන්නප්පුව – බුජ්ජම්පොළ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකි.

ඔහු පොල් කැඩීම තම ජීවන වෘත්තිය ලෙස සිදුකර ඇත.

පසුගිය 02 වනදා සවස ඔහු වෙන්නප්පුව-බුජ්ජම්පොළ ප්‍රදේශයේ මාර්ගයක වැටී සිටියදී 1990 ගිලන් රථයක ආධාරයෙන් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

නමුත් රෝහල්ගත කර සුළු වේලාවකින් ඔහු මියගොස් ඇත.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 257ක් වාර්තා වෙයි.

colombotoday

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday

කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනෙක් අතුරුදහන්

colombotoday

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday

අටුළුගම ගිය කහවත්තෙ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනයට

colombotoday

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday