Colombo Today Local News

ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් අගමැතිගෙන් නිවේදනයක්

රටක් වශයෙන් වසංගත අභියෝගයට මුහුණ දෙමින් එය මැඩලීමේ කාර්යයේදී ජීවිත අවදානම නොතකා ජනතාව දැනුවත් කරමින් මාධ්‍යවේදීන් ඉටුකරන සුවිශේෂ කාර්ය භාරය සහ කැප කිරීම රජය සැමවිටම අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ , අද (3)දිනට යෙදී ඇති ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

තවද නිවැරදි මාධ්‍ය භාවිතය තුළින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීම බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මෙරට මාධ්‍ය නිදහස බරපතළ ලෙස කප්පාදුවට ලක්ව තිබූ යුගයන් පිළිබඳව අමුතුවෙන් සිහිපත් කළ යුතුව නැතැයි, සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා ස්වාධීන හා වගකීම් සහගත මාධ්‍ය භාවිතාව කාලීන අවශ්‍යතාවක් ව ඇතැයි ද සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

සිය නිවේදනය මගින් අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරන්නේ, බලයට පත්ව සිටින සෑම අවස්ථාවකම තොරතුරු දැනගැනීමේ අයිතියත් මාධ්‍ය නිදහසත් සුරක්ෂිත කිරීමට කටයුතු කළ බවයි.

අග්‍රාමාත්‍යවරයා ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින් රටේ සමස්ත සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාසයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යොදා ගන්නා ලෙසයි.

‘තොරතුරු මහජන යහපත උදෙසා ය…’ (Information as a Public Good) යන්න මෙවර ලෝක මාධ්‍ය නිදහස් දිනයේ තේමාවයි.

Related posts

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් වාහන දෙකක් STF භාරයට

colombotoday

ජනාධිපතිතුමනි, වෙසක් දිනයේ දී ඥානසාර හිමි නිදහස් කරන්න. ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුම කමෙන්ට් වලින් පිරෙයි

colombotoday

මඩ බළකාය හාන්සියි… ඇමරිකා පුරවැසි අහෝසියේ සියළු ලේඛණ ගෝඨා රට හමුවේ පෙන්වයි (Video)

colombotoday

මහ සගරුවනේ ඉල්ලීමත් නොසැළකේ.. මහින්දගේ හමුදා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවතට

colombotoday

හිටපු උප සභාපතිවරයෙකුගේ නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන

Admin

රෝහල් වල හිඟ ඖෂධ ලැයිස්තුවක් විපක්ෂ නායක ඉල්ලයි

Admin