Colombo Today Local News

වැල්ලවත්ත ගොඩනැඟිල්ල කඩා වැටීම – 21ක් රෝහලට

වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්  14 දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) ට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා පවසයි.

මහල් පහකින් යුතුව ඉදිකරමින් පැවති ගොඩනැඟිල්ලක කොටසක්  මෙලෙස කඩාවැටීමට ලක්ව ඇති අතර ගොඩනැඟිල්ලට යටවූ තවත් පිරිස් මුදාගනිමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

එහිදී පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.

අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවද  සඳහන්ය.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලට තුවාලකරුවන් 14 දෙනෙකු ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.

මේ අතර  සිද්ධියෙන් තුවාල ලැබු තවත් තුවාල කරුවන් 07 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරී බට පිරිසක්ද අදාළ සිද්ධියේ සහන කටයුතු සඳහා යොදවා ඇති බව වාර්තා වෙයි.

Related posts

ජිනීවා සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණයට රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් නිවේදනයක්

colombotoday

රටඉඳි බද්ද රුපියලට අඩු වෙයි

colombotoday

යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් ඉටුකරයි – පෝට් සිටි ව්‍යාපෘතිය නතර කරයි

colombotoday

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

පැණි බීම, සීනි බද්දත් පහළට…

colombotoday

දිස්ත්‍රික්ක 5ක මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක් අද

colombotoday