Colombo Today Local News

තලතා සියළු තනතුරු අතහැර දේශපාලනයෙන් සමුගන්න යයි !!!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සොරකම් කළේ යැයි කුමන අධිකරණයක හෝ ඔප්පු වුවහොත් තමන් ඇමැතිකම් හා මන්ත්‍රීකම් අතහැර දේශපාලනයෙන් සමුගන්නා බව අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පවසයි.

බොහෝ මාධ්‍ය ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට බැණ වදිමින් සිටින බවත්, එසේම බොහෝ මාධ්‍ය අගමැතිවරයා හොරෙක් කරන්නට උත්සහ කරන බවත්, පැවැසූ ඇමැතිනිය අගමැතිවරයා හොරෙක් කියා මොනම අධිකරණයක හෝ ඔප්පු වුවහොත් තමන් එසේ ඇමැතිකම් දෙකක් මන්ත්‍රීකමත් තබා ගෙදර යන බවද ඇය පැවැසුවාය.

හොරකම් කළ පුද්ගලයා හැම විටම සිතන්නේ බලය ගන්නේ හොරකම් කිරීමට කියා යැයි ද, මිනීමරණ ලද පුද්ගලයා හැම විටම සිතන්නේ බලයට එන්නේ මිනීමරන්න කියා යැයිද පැවැසූ ඇමැතිනිය වත්මන් ආණ්ඩුව ඒ සියල්ල ජනවාරි 8 වැනිදා නැවැත්වූ බවද කීය.
කොයිතරම් හොරා කරන්නට හැදුවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගේ එවැනි ‍ලේබල් ගසන්නට කිසිවකුට පුළුවන්කමක් නැතැයිද පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රත්නපුර මාදම්පේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින් ඇමැතිනිය පැවැසුවාය.

Related posts

සිරගෙට යනවිට සිවුරු ගලවා දැමිය යුතුයි – තලතා යලිත් පුප්පයි

colombotoday

ලෝක උරුම සිංහරාජය වනසා පාරක් හදයි…

colombotoday

විජයග්‍රහණය සමරුමට සහභාගී වීමට නොහැකි වූ ෆොන්සේකාගේ වැදගත් වැඩේ

colombotoday

කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

යුගදනවි ඇමෙරිකාවට පැවරීම : මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

මුස්ලිම් අම්මයි පුතයි ඩී.එස්.සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති අඩංගු කෑම විකුනලා

colombotoday