Colombo Today Local News

දෙහිවල ප්‍රෙස්බිටිරියන් ජාතික පාසලේ බෞද්ධ සිසුවියන් 9ක් යොහෝවාගේ කල්ලිය බිලිගනී

දෙහිවල පිහිටි ප්‍රෙස්බිටිරියන් ජාතික පාසලේ 11 වන වසරේ ඉගෙනුම ලැබූ බෞද්ධ සිසුවියන් 9 දෙනෙකු පමණ අන්තගාමී “යොහෝවාගේ සාක්ෂිකරුවෝ” විසින් බලපෑම් එල්ල කර තම ආගම වෙත බදවාගන තිබෙනවා.

මෙලෙස පාසලේ සිසුවියන්ගේ ආගම වෙනස් කිරීම සදහා මුලිකත්වය ගෙන තිබෙන්නේ එම පාසලේම ඉගනුම ලබන ශිෂ්‍යාවකගේ මවක් බවයි සැලකෙන්නේ.

පළමුව එක් ශිෂ්‍යාවක් “යොහෝවාගේ” කණ්ඩායම වෙත බදවාගන ඇති අදාළ මව ක්‍රම ක්‍රමයෙන් ශිෂ්‍යාවන් 9 දෙනෙකු බෞද්ධත්වයෙන් ඈත් කොට භික්ෂුන් වහන්සේලාට පරුෂ වචනයෙන් අමතන තත්වය දක්වා වෙනස්කිරීමට මානසිකව බලපෑම් එල්ල කර ඇත.

මෙලෙස ආගම වෙනස් කිරීම සදහා මෙම කණ්ඩායමෙන් දිගින් දිගටම බලපෑම් එල්ලවූ එක් ශිෂ්‍යාවක් වැඩිහිටියන් වෙත දැනුම් දීමෙන් අනතුරුව සිසුවියන්ගේ දෙමාපියන් විසින් විදුහල්පති වෙත පැමිණිලි කර ඇති අතර අද(14)  උදැස්සන විශේෂ රැස්වීමක් පවත්වා ඇත.

පාසලට අපකීර්තියක් සිදුවේවි යන අනියත බිය හේතුවෙන් අදාල සිදුවීම පිලිබදව බලධාරීන් දැනුවත් කිරීමට විදුහලේ වගකිවයුත්තන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

Related posts

“ප්‍රභාකරන් මගේ සතුරෙකු නොවේ.. ප්‍රභාකරන්ට වඩා මහින්ද ද්‍රෝහියෙක්, දුෂ්ඨයෙක්” – ෆොන්සේකා

colombotoday

රටේ රජාට බෝගස්වැව අමතක වෙද්දී එහි ජනතාව අලුතෙන් රජෙක් පත් කරගෙන

colombotoday

ෆයිසර් මුස්තාපාගේ බිරිදගේ නමටත් ශ්‍රීපාද රක්ෂිතයේ ඉඩම් !

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ලොරි චැසි බස්වලට තිත !

colombotoday

බෝරා ප්‍රධානියා 36 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමගින් ශ්‍රී ලංකාවට

colombotoday