Colombo Today Local News

ෆයිසර් මුස්තාපාගේ බිරිදගේ නමටත් ශ්‍රීපාද රක්ෂිතයේ ඉඩම් !

fizer-mustafa-sri-padhaya

මේ වනවිට ආන්දෝලනයට තුඩු දී ඇති අරාබි ව්‍යාපාරිකයන් පිරිසකට ලබා දී ඇති ශ්‍රීපාද රක්ෂිතයට අයත් ඉඩම්වලින් කොටසක් ඇමති ෆයිසර් මුස්තාපාගේ බිරියගේ නමටද පවරා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ විසින් සිය ඇමති බලතල යොදාගෙන  ශ්‍රීපාද රක්ෂිත කළාපයේ පිහිටි  අදාළ ඉඩම් අරාබි ව්‍යාපාරිකයන්ට පවරා ඇති අතර ෆයිසර් මුස්තාපා සිය බිරියගේ නමට ඉඩම් පවරාගෙන ඇත්තේද ඒ හරහා බවට මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ශ්‍රීපාද රක්ෂිතයට අයත් ජල පෝෂක ප්‍රදේශය විනාශ කරමින් එටිසලාට් සමාගම විසින් අදාල ඉඩමේ දැවැන්ත හෝටල් සංකීරණයක් ඉදිකිරීම මේවන විට ආරම්භ කර ඇති අතර, ඒ හරහා ශ්‍රීපාදය අශ්‍රිත කළාපය ඉස්ලාම්කරණය කිරීමට දැවැන්ත සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙන බවටද හෙළිදරව්වී තිබෙනවා.

ආයෝජන ව්‍යාපෘතියක් යැයි පවසමින් සෞදි අරාබි රජයේ මැදිහත් වීමෙන් වත්මන් රජය හරහා මෙම ඉදිකිරීම සදහා අවසර ලබාගෙන තිබෙන අතර එවක රජයේ ප්‍රබලයන්ගේද සමීප හිතවතෙකුව සිටි, වත්මන් ජනාධිපතිවරයාගේද සමීපතමයෙකු වන ඇමති මුස්තාපා ද ඒ පිටුපස ක්‍රියාත්මකව සිටින බවටද තොරතුරු අනාවරණයව තිබෙනවා.

Related posts

නන්නාදුනන මිනිහෙක් ඩොලර් අරන් එන තුරු රවී මුහුදට දත නියවන්නා

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු නැවතත් ඉහළ දමයි

Admin

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

colombotoday

බැසිල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

colombotoday

“කවදාවත් නොබැණපු මිනිස්සුත් දැන් ආණ්ඩුවට බණිනවා“ – ජනපති

colombotoday

දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා

Admin