Colombo Today Local News

“පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනවා“ – ඇමති ඉරාන්

පාඩු ලබන රාජ්‍ය ආයතන විකිණීම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකාර පක්ෂවල අනුමැතිය ලබා දේශපාලන තීන්දුවක් ගැනීමට කටයුතු කරන බව රජය කියා සිටී.

දැනට පවතින හවුල් ආණ්ඩුවේ පාර්ශවයන්ගේ එකඟතාවය මත රාජ්‍ය ආයතනවල කොටස් විකිණීම සඳහා කොටස් වෙළඳපොල උපයෝගී කරගන්නා බවත් එය වඩාත් විනිවිද ස්වභාවයකින් කළ හැකිවන බවත් රාජ්‍ය ව්‍යවසායක නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

“ඇත්තටම මෙම ආයතන ආයෝජකයන්ගේ ආකර්ෂණය හිමිවන ආකාරයේ තත්වයකට පත්කිරීම සඳහා යම් ක්‍රමවේදයන් සකස්කර තිබෙනවා. අපි සමහරවිට පියවර කිහිපයකින් කොටස් අලෙවි කිරීමටත් රජය සතුවද කොටස් තබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.”

එසේම දිගු කාලින සේවයේ නියුතුව සිටින සේවකයන්ටද ආයතනයේ කොටස් අයිතිය හිමිකරදෙන සුත්‍රයක් ද සලකා බලන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

පාඩු ලබන ආයතන විකිනීමට කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක වරින් වර ප්‍රකාශ නිකුත්කර තිබේ.

එම ක්‍රියාවලිය මඟින් දේශීය ආයෝජන සහ විදෙස් ඍජු ආයෝජන වේගවත් කිරීමේ හැකියාව උදාවෙන අතර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලින් වෙනස් මඟක යන බවට ඉඟි සපයයි.

පවතින හවුල් ආණ්ඩුවේ දේශපාලන එකඟතාවය තුලින් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පල කරයි.

” මීළඟ පියවර ලෙස විශේෂ තත්වයන් මත දේශපාලන එකඟතාවයක් සහ නිසි කාලය එළැඹිය යුතුයි. එය දේශපාලන තීන්දුවක්. අපි නිසැකවම එකඟතාවයකට එනවා,” යි හෙතෙම විශ්වාස කරයි.

(radiogagana)

Related posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 4 දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට ජනපති කොමිසමේ අවදානය

colombotoday

විග්නේශ්වරන්ගේ ගෝලයෙක් ප්‍රභාකරන්ගේ ඡායාරුප යොදාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල

colombotoday

රජයේ බුද්ධි අංශ සහරාන්ට කිසිම අවස්ථාවක මුදල් ගෙවා නෑ. | අමාත්‍ය සරත් වීරසේකර

colombotoday

පරිසර අමාත්‍යාංශයට අලුතින් නිලධාරින් 136ක්

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin

ත්‍රස්ත පනත වෙනස් කරන්න පත්කල කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

Admin