Colombo Today Local News

“හමුදාව යොදා හෝ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව කෙරෙන හිංසන නවත්වන්න“ – ජනපතිගෙන් නියෝගයක් !

ආගමික හා ජාතිවාදි ගැටුම් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට පොලීසිය තව දුරටත් අසමත් වන්නේ නම්, ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට තමාට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

එසේම, දිගින් දිගටම මුස්ලිම් වෙළෙඳසල්වලට ප්‍රහාර එල්ල කිරීම මැඬලීමට හා ඊට අදාළ බුද්ධි තොරතුරු ලබාදීමට පොලිසිය අසමත් වේ නම්, එම රාජකාරි කටයුතු හමුදා බුද්ධි අංශවලට පවරන බව ද ජනාධිපතිවරයා පවසයි.

හෙතෙම එබව සඳහන් කලේ ඊයේ (07) පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ඩායම් රැස්වීමේදී එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් යොමුකළ කරුණු දැක්වීමකට ප්‍රතිචාර දක්වමිනි.

ආගමික අන්තවාදී කල්ලියක් විසින් පසුගිය දින කිහිපයෙහි මුස්ලිම් කඩ සාප්පු හා වෙළඳ සැල් 22කට පහරදී ඇති බවත්, පෙරේදා මහරගම මුස්ලිම් ව්‍යාපාරිකයකු ගේ කඩයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බවත්, ඊයේ දිනයේද එසේ තවත් මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ කඩයකට පහරදී ඇතිබවත් මුජිබර් මන්ත්‍රීවරයා එහිදී පවසා තිබේ.

ආපදා තත්ත්වය පිළිබඳව සහ රටේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ මේ හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්, රිෂාඩ් බදියුදීන් සහ හර්ෂ ද සිල්වා යන මැති ඇමැතිවරුන් මේ පිළිබඳව සිය අදහස් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇත.

Related posts

සේනාධිපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්.. රාජ්‍ය දේපළ විකුණන හිගන වැඩ නවතා රටට ඩොලර් ගෙනෙන හැටි කියයි

colombotoday

IOC නිසා ඛණිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක්

colombotoday

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්…

colombotoday

නාම යෝජනා භාර ගැනීම අද සිට ඇරඹේ !

colombotoday

කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්

Admin

රාජ්‍ය සේවකයෝ රටට බරක්.ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ – මුදල් ඇමතිගෙන් රාජ්‍ය සේවකයන්ට කනේ පහරක්

colombotoday