Colombo Today Local News

සේනාධිපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්.. රාජ්‍ය දේපළ විකුණන හිගන වැඩ නවතා රටට ඩොලර් ගෙනෙන හැටි කියයි

ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂණ සේවයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ රාත්‍රී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ට ප්‍රසිද්ධියේ අභියෝග එල්ල කරනු ලැබිය.

ගත වූ කාලයේදී මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂණ සේවයේ සභාපතිවරයා එසේ අභියෝග කලේ පෙරේදා පැවති දෙරණ 360 වැඩසටහන සදහා සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාවට ඉතා විශාල වශයෙන් විදේශ විනිමය ගෙන දුන් සහ විශ්‍රාමික හමුදා සාමාජිකයින්ට රැකියා හයදහසක් පමණ සැපයූ අති සාර්ථක ව්‍යාපාරයක් වූ ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂන සේවය වත්මන් රජය බලයට පැමිණි පසු දේශපාලනඥයින් දෙදෙනෙකුගේ උවමනාවට කඩා බිඳ දැමු ආකාරයද ඉන් හමුදා සාමාජිකයින් 6000 කට පමණ රැකියා අහිමිවූ බවත් සේනාධිපති මහතා ලිපි ලෙඛණ සහිතව පෙන්වා දෙන ලදී.

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපල ඩොලර් බිලියන දෙකකට අඩු මුදලකට විකුණා දැමීමට නතර කර තමන්ගේ සාධාරණ ව්‍යාපාරය නැවත ආරම්භ කරන්නට ඉඩ දෙන්නේ නම් වසර තුනක කාලයක් තුල ඩොලර් බිලියන තුනක විදේශ විනිමයක් මෙරටට උපයා දීමට තමන් සූදානම් බවත් ඒ සදහා තමනට සත පහක හෝ උපකාරයක් අවශ්‍ය නොවන බවත් ඔහු ආණ්ඩුවට අභියෝග කරමින් කියා සිටියේය.

එවන් මුදලක් වසර තුනකින් රටට එන්නේ නම් අනාගත පරපුරට අයත් දෙපල විකිණා දැමීව වන් හිඟන වැඩ කරන්න උවමනාවක් නොවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

තම ව්‍යාපාරයත් එහි තීනිමය පදනමත් ගැන ඕනෑම අවස්ථාවක ඇමති රාජිත සේනාරත්න හා චම්පික රණවක සමග සජීවී විවාදයකට සූදානම් බවත් ඒ සදහා සහභාගී වන ලෙස අභියෝග කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

චන්ද්‍රිකාගේ ‘සංහිදියාව‘ අලුත් විෂයක් ලෙස 2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට

colombotoday

බොරු කොණ්ඩය ඉවත් කර රන්ජන් තට්ටය පිටින් අධිකරණයට ගෙන එයි !

colombotoday

පුටින්ගේ ඊළඟ පිම්ම කොතැනටද?

colombotoday

ආපදා මරණ 100 ඉක්මවයි.. 100කට වඩා අතුරුදන්

colombotoday

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

Admin

පළමුව ජනමත විචාරණය.. පළාත් පාලන මැතිවරණය ඉන් පසු !

colombotoday