World

රටවල් හතරක් කටාරය සමග සියළු සබදතා අතහරී..

ත්‍රස්තවාදයට උදවු සපයන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කර දැමීමට අද (5) තීරණය කළේය.

ලොව පැරැණිතම ඉස්ලාමීය ව්‍යාපාරය වන ‘මුස්ලිම් සහෝදරත්වයට’ කටාරය සහාය දෙන බව සඳහන් කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල් මෙම සාමූහික තීරණය ගෙන තිබේ.

අදාළ රටවල් හතර කටාරය සමඟ තිබෙන සියලු ප්‍රවාහන සබඳතා නවතා දැමීමට තීරණය කර ඇති අතර අදාළ රටවල සිටින කටාර් සංචාරකයන්ට සහ සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල පදිංචි වී සිටින කටාර් ජාතිකයන්ට අදාළ රටවලින් පිටවීමට සති දෙකක කාලයක් දී තිබේ.

කටාරය කලාපයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට උපකාර කරන බවට චෝදනා කරන සෞදි අරාබිය කටාර් රාජ්‍ය එරට රජයට අයත් චන්ද්‍රිකා රූපවාහිනි ප්‍රවෘත්ති නාලිකාවක් වන අල් ජසීරා පුවත් සේවය ඔස්සේ ප්‍රචණ්ඩකාරී මූලධර්මවාදී මතවාද ප්‍රචාරණය කරන බවටත් චෝදනා කර තිබේ.

“කටාරය අයි.එස් ත්‍රස්තවාදීන්ට, අල් කයිඩාවට සහ මුස්ලිම් සහෝදරත්වය ආදී ත්‍රස්ත සංවිධානවලට ආධාර සපයනවා, උපකාර කරනවා. ඔවුන් ඔවුන්ගේ මාධ්‍ය හරහා මූලධර්මවාදී අදහස් ප්‍රචාරය කරනවා” යැයි සෞදියේ රාජ්‍යය රූපවාහිනි පුවත් සේවය වන ‘එස්.පී.ඒ’ නිවේදනය කළේය.

එමෙන්ම කටාරය ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම්වලට ද සහාය දක්වන බවට චෝදනා කර ඇත.

කටාරය මේ නිවේදන හෝ ප්‍රකාශ හෝ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් හෝ ප්‍රකාශයක් නිල වශයෙන් කර නොතිබිණි.

Related posts

අමෙරිකාව යළි ඇවිලෙයි.. දරුවන් තිදෙනා බලා සිටියදීම පියාට පොලිසියෙන් වෙඩි පිට වෙඩි (PHOTOS)

colombotoday

තබ්ලික් ලොක්කා මවුලානා සාද් පොලිසියටත් වංගු දමයි. පල්ලිය විවෘත කරන තුරු ප්‍රකාශයක් දෙන්න බෑ කියයි

colombotoday

වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් ෆෝඩ් සමාගම නැවත ගෙන්වයි

Admin

අක්‍රිය වූ චන්ද්‍රිකාවක් කඩාගෙන වැටේ

Admin

කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක් නිවාස අඩස්සියට

Admin

ගව ඝාතනයක් නිසා කේරලය ගිනියම් වෙයි. ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කරයි

colombotoday