Colombo Today Local News

ජනතාවට සහන සැළසීමට මැදිහත් නොවන මේ ආණ්ඩුව “සෙල්ෆ් සර්විස්‍ ”ආණ්ඩුවක්

‘ජනතාවට සහන සැළසීම සදහා මැදිහත් නොවන මෙම ආණ්ඩුව සෙල්ෆ් සර්විස්‍ ආණ්ඩුවක්’ යයි පාරිභෝගික අයිතීන් සුගකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ජනතාවට සහන සැළසීම සදහා මැදිහත් නොවන මෙම ආණ්ඩුව සෙල්ෆ් සර්විස්‍ ආණ්ඩුවක්

විශාල ජනතාවක් පීඩාවට පත්වී ඇති මෙම අවස්ථාවේ ඇල් මරුණු ස්රූපයෙන්  කටයුතු කරන මෙම ආණ්ඩුව සෙල්ෆ් සර්විස්‍ ආණ්ඩුවක් යන්න අප සංවිධානයේ අදහසයි. මීට පෙර ව්‍යසන සිදු වූ අවස්ථාවලදී ද ජනතාවට සහන සැළසීම සදහා වන රජයේ වැඩ පිළිවෙල මන්දගාමී විය. රජය බලාපොරොත් වන්නේ ජනතවගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්නා ජනතා නියෝජිතයින් ගෙන සැදුම් ලත් ආණ්ඩුවක් පිහිටුවා ඊට පසු කිසියම් ආපදාවකදී ජනතාව විසින් තමන්ට අවශ්‍ය සහන තමන් විසින්ම සළසාගත යුතුය යන්නයි. අවම වශයෙන් මෙම ව්‍යයසන අවස්ථාවේදීවත් සහල් සදහා හා වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා වන පාලන මිල ක්‍රියාත්මක කිරීමට පවා රජය කටයුතු කළේ නැත. එම නිසා වෙළදපොලේ සහල්මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.

නව ලිබරල් වාදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේද රජය නිෂ්පාදනය හා වෙළදාම වැනි කාරණා පාලනය කිරීම සදහා මැදිහත් නොවීමයි. නැතහොත් රජයේ පාලනය සීමා කිරීමයි. ඒ අනුවම අප රජය කටයුතු කරමින් සිටී. සුභසාධන රාජ්‍යයක ලක්ෂණ ජනතාව අමතක කර ඇති බව ආණ්ඩුව සිතනවාවිය හැක. කෙසේ වෙතත් ජනතාව තවදුරටත් ජනතා ප්‍රශ්ණ විසදා ගැනීම සදහා රජයේ සහය බලාපොරොත්තුවෙන් සිටින අතර එම බලාපොරොත්තු ඉටු කිරීම වගකිවයුතු රජයක කාර්යය භාර්යයි.

ජනතාවට සහන සැලසෙන අණපනත් වහා ක්‍රියාත්මක  කරන ලෙස අප රජයට බලකරමු.

ස්තුතියි,මෙයට,
රංජිත් විතානගේ- සභාපති

Related posts

රන්ජන් රාමනායක පිරිමි ගණිකාව, සෝමාගේ හොර මිනිහා – නිමල් ලංසා සහ රංජන් අතර ගැටුමක්

colombotoday

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Admin

ඩිලාන් සේනානායකට පහරදීමේ සිද්ධිය : සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Admin

වත්මන් රජය රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා දැමීමේ ප්‍රතිපත්තියක – ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

colombotoday

බස්නාහිර පළාතේ වැටලීම්වලදී පුද්ගලයින් 470ක් අත්අඩංගුවේ

colombotoday

අගමැති මුදල් ඇමති ලෙස දිවුරයි

colombotoday